IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දුමින්දගේ අභියාචනය කල් යයි

(රන්ජන් කටුගම්පළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වී මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් විසින් මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම් ලබන මාර්තු 29 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීරණය කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම් සළකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත්  වු කරුණූ පිළිගත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

මෙම පෙත්සම් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්ල බුවනෙක අළුවිහාරේ ප‍්‍රියන්ත ජයවර්ධන, නලීන් පෙරේරා, සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.

හිටපු ඇමතිවරයකු වු භාරත ලකෂමන් පේ‍්‍රමචන්ද්‍ර, ජලාබ්දීන් මොහෙමෙඞ් අසීම්, මනිවෙල් කුමාරස්සාමි, සහ දමිත දර්ශන ජයතිලක නමැත්තන්ගේ මරණ සිදු කළ බවද රාජ්පුරගේ දමිත දර්ශණ ජයතිලක නමැත්තාට වෙඩි තබා මරා  දැමීමට  තැත් කරන ලදැයිද එදින ඡන්දදායකයින්ට ගිනි අවි පෙන්වා සාපරාධි ලෙස බියගැන්වීම පොදු අරමුණ කරගත් නීතී විරෝධි රුස්වීමක  සාමාජිකයින් ලෙස කටයුතු කරමින් අංගොඩ රාහුල විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසට බලහත්කාරය හා ප‍්‍රචන්ඩත්වය යොදා කැරළි ගැසු බවටද, එහි රාජකාරියේ යෙදී සිටි දමිත් සුරංග නමැති පොලිස් නිලධාරියාගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවටද  නීතීපතිවරයා  විසින්   වැඩිදුරටත්   චෝදනා   නඟා තිබු අතර එම නඩුව විභාග කළ ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල 2015 සැප්තැම්බර් මස 08 වැනිදා විත්තිකරුවන්ට මරණීය දඬුවම් නියම කළේය.

 



අදහස් (1)

දුමින්දගේ අභියාචනය කල් යයි

asa Monday, 27 November 2017 01:54 PM

අපේ රටේ දේශපාලනය අනුව දුමින්ද සිල්වා එලියට එනවා නියතයි.

:       2       151

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 53 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site