IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දින 3 කදී කොරියානු භාෂා විභාගයට අයැදුම්පත් 16,750 ක්

විනීතා එම් ගමගේ
 
කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් 16749ක්  ඉකුත් දින තුනේ දී නිකුත් කර ඇතැයි ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 

 
ඉදිකිරීම් අංශය හා නිශ්පාදන අංශය සඳහා මෙවර අයදුම්පත් නිකුත් කෙරුනු අතර ඉදිකිරීම් අංශය සඳහා අයදුම්පත් 3211 ක් ද නිශ්පාදන අංශය සඳහා අයදුම්පත් 13538 ක් ද නිකුත් කර ඇතැයි කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (බඳවා ගැනීම්) ඞී ඞී පී සේනානායක මහතා ලංකාදීපයට අද (01)  පැවැසීය.  
 
ඉකුත් 26 වැනිදා ආරම්භ වූ මෙම අයදුම්පත් නිකුත් කිරීම පසුගිය දින තුනේ දීම පැවැත්වුණු අතර හෙටත් අයදුම්පත් නිකුත් කරන බව ද සේනානායක මහතා පැවැසීය.
 
අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව,මතුගම, මඩකලපුව අම්පාර, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව   ති‍්‍රකුණාමලය, තංගල්ල, කටුනායක සහන පියස සහ පන්නිපිටිය යන ප‍්‍රදේශයන්හි පිහිටි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන වලදී (02) වැනිදා තෙක් මෙම අයදුම්පත් නිකුත් කෙරේ. 
 
මෙවර කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන අතර, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19  සිට මැයි 4 දින දක්වාත් නිශ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තෝම්බර් 5 දක්වාත්  පැවැත්වීමට නියමිත බව ද සේනානායක මහතා කීය.
 
වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ‍්‍රී ලාංකික පුද්ගලයින්ට විභාගය සඳහා අයදුම්කළ හැකිය. අයදුම්පත‍්‍ර පිරවීමට තමන්ගේ ගමන් බලපත‍්‍රය හා එහි පිටපතක්ද, සෙ.මි 3.5 x 4.5 ප‍්‍රමාණයේ ඡායාරූප 3 ක් තිබිය යුතුවේ. අයදුම්පත‍්‍ර නොමිලේ නිකුත් කරන අතර, විභාග ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 24 හෙවත් ශ‍්‍රි ලංකා මුදලින් රුපියල් 3.772.00 ගෙවිය යුතුවේ.
 
කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වන අයදුම්කරුවන්ගේ නම වසර දෙකක කාලයක් කොරියානු රැකියා වෙබ් අඩවියේ  වලංගුව පවතින බවද කාර්යංශය හෙතෙම තව දුරටත් සඳහන් කළේය.



අදහස් (1)

දින 3 කදී කොරියානු භාෂා විභාගයට අයැදුම්පත් 16,750 ක්

kasun Thursday, 01 March 2018 01:33 PM

දැන්වෙනකොට ලංකාවේ තරුණ තරැණියන්ට තියෙන එකම බලාපොරොත්තුව එක්කෝ කොරියන් යෑම.., නැතහොත් සුපර් ස්ටාර් කෙනෙක් වීම... ඇත්තටම මේ රටෙ තරුණ පරපුරෙ අනාගතේ ගැන වගකියන කිසිම රජයක් නැහැ.

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site