(කාංචන කුමාර ආරියදාස)
ගම්වැසියෙකු මිය ගොස් දින විසිඑකක් ගතවෙද්දී ගමේ තවත් අයෙකු මිය යෑමේ සිදුවීමක් නිසා දැඩි භීතියට පත්ව සිටින ගම්මුන් පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසෙති. ගලෙන්බිඳුණුවැව හල්මිල්ලවැව නම් වූ මෙම ගම්මානයේ වසරක පමණ කාලයක සිට මෙම අස්වාභාවික මියයෑම සිදුවෙන බවට තොරතුරු වාර්තා වෙයි.
ප්‍රදේශවාසීන් කියා සිටියේ ගතවූ මාස කිහිපය ඇතුළත හල්මිල්ලෑව ගම්මානයේ මේ ආකාරයට පහළොස් දෙනෙකු මියගොස් ඇති බව ය.
ගම්මුන් පවසන්නේ මේ දිනවල මරණාධාර සමිතියේ පවා මුදල් නොමැතිකමින් කාගෙන් හෝ රැස් කරගෙන මියයන අය භූමදානය කරන බවය. තමන් දැඩි බියකින් පසුවන බවත් ඔවුහු පවසති.
වසර ගණනාවකින් ගම්මානයට වැසි නොමැතිවීම නිසා ඔවුහු බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිති. ගම්මුන්ගෙන් කොටසක් කියා සිටින්නේ මෙම ගම්මානය පාරම්පරිකව පවත්වාගෙන එන ගම්භාර දෙවියන්ට පුද සත්කාර දැක්වීමේ චාරිත්‍රය ඉටු නොකිරීම නිසා දේව ශාපයක් ගමට උදාවී ඇති බවය.
තවත් සමහරුන් කියා සිටියේ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ගම්මුන් මේ ආකාරයට මිය යන බවයි.
මෑතකදී මියගිය පහළොස් දෙනා එක පෝලිමට වළ දැමූ බවය ද ඔවුහු පවසති. අවසන් පුද්ගලයා මිය ගොස් දින පහක් ගත වී ඇති නිසා ඊළඟ දින 21 ගතවෙද්දී සියලු දෙනා දැඩි භීතියකින් පසුවෙති.
ගම්මානේ පන්සලේ විහාරාධිපති මීගොඩ සංත සිරි හිමි කියා සිටියේ අස්වාභාවික මිය යෑම නිසා තමන් වහන්සේ ද දැඩි සංවේගයට පත්ව සිටින බවත් තමන් වහන්සේ පිරිත් සජ්ඡායනයක් සහ දේව කන්නලව්වක් පැවැත්වීමට සූදානම් බවත් ගම්මානයේ ජනතාව කිසිඳු ආදායමක් නොමැතිකමින් බරපතල ප්‍රශ්නයකට මුහුණ පා සිටින බවත් ය.
හල්මිල්ලෑව ගම්මානය වසර ගණනාවක සිට උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටියි. ගම්මානයේ සිදුවන අස්වාභාවික මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව ඔවුහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිය යන පුද්ගලයන්ගේ ශරීරවල කිසියම් පොදු විෂ බීජයක් අඩංගු දැයි බලා අවයව රස පරීක්ෂකට යවන්න පශ්චාත් මරණ පරීක්ෂණ හරහා. පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයා, ඩී එම් ඕ මේ ගමට එන්නේ නැද්ද මේ ගැන සොයා බලන්න ?
මේ ගමේ අය බයවෙලා ඉන්න නිසා හෘද ආබාධ හැදෙනවද දන්නේ නැහැ.
දැන් මාසෙන් මාසේ තෙල් වැඩිවන නිසා රටේ ජනතාව මාසෙන් මාසේ නොමරා මරනවා
හිත ගන්න අමාරු වැඩක් ...
අර සීත ගඟුලෙන් ගෙනා වතුර මේ ගමට පූජා කළානම් කොච්චර පිනක්ද?
මේ ශාපය මුළු රටටම වැදිලයි තියෙන්නේ... දවස පටන් ගන්නේ හිමිදිරි පාන්දර පිරිත් අසමින්.... දවස අවසන් කරන්නේ දුෂණ මිනීමැරුම්, හොරකම් ඇතුළු දහජරා වැඩවලින් නැවත අඳුර වැටෙනකොට මල් පුජාකරලා පිරිත් දානවා. මුළු රටටම ඇහෙන්න කාව රවටුවත්... දෙවියන් රවටන්න බැහැ පන්සිල් පද පහෙන් එකක් හරි රකිනවද? ඒ නිසා බොරු දේවල් නොකර පාඩුවේ ඉන්න
දැඩි නියගය මෙයට හේතුවිය හැකි බව අනුමාන කල හැකිය
හරියටම දවස් 21කින් මැරෙන්නේ කොහොමද? සමහර විට මේ අසරණ මිනිසුන්ගේ දේව විශ්වාස නිසා බිස්නස් එකක් කරගෙන දවස් 21කින් කවුරුහරි මනුස්සයෙක් මැරෙනවා වෙන්නත් පුළුවන් නේද?
මුලින්ම හොයලා බලන්න තිබුනෙ මියගිය 15 දෙනාගේ මරණ සහතිකයේ ලියලා තිබුන හේතු මොනවද කියලා. මේක හරි පුදුම වැඩක්
ඇත්තටම කොහොමද මේක වෙන්නේ?
පුදුම දෙයක්..
ගම්භාර දේව මහෝත්තමයාණන්ගේ ශ්‍රී නාමය විකුණා කෑම උදෙසා කවුරුහරි හරියටම දවස් 21කින් මරනවා වෙන්න බැරිද?