(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තීන්දුවක් නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ සිටින තරුණ සැකකරුවන්ගේ ජීවිතවලට යම් සාධාරණයක් ඉටු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (23) ඉල්ලීමක් කළේය.
ඇතැම් අය නඩු නිමිත්තක්වත් නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරවල සිටින බව පැවසූ ඇමතිවරයා නඩු තීන්දුවේ දඬුවමට වඩා වැඩි කාලයක් ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බවද සඳහන් කළේය.
මෙලෙස සිටින පිරිසේ එල්ටීටීඊ සැකකරුවන් ද විශාල පිරිසක් සිටින බව ඔහු අනාවරණය කළේය .
COMMENTS
කොහොමද කතාව...? යුරෝපා සංගමය GST බදු සහනය කපනවා කිව්ව ගමන් කට්ටියටම ඇඳි වතේම මුත්‍රා පහවෙලා.. ඒ ගොල්ලෝ මේ රටේ කරපු වැරදි වමාරමින් ඒවා නිවැරදි කරගන්න හදනවා. තාජුදීන්ටත් ආයේ පණ දෙයිද දන්නේ නැහැ. මෙයාගේ ඔළුවට කවුදෝ එකෙක් අනාගත ජනාධිපති සිහිනයක් දාලා. හොරට නීති විභාගය ලියපු, දළදා මන්දිරය වටේ රුසියන් ගැහැණුන් නටවපු, ඒ කාලේ නිල් බලකාය කියලා රස්තියාදු කාරයින් වගයක් පිරිවරාගෙන රට වටේ අසික්කිත වැඩ කළ, මෙවැනි අමාරුකාරයින් සිටිය යුත්තේ මානසික රෝහල්වලය.
යෝජනාව හොඳයි. හැබැයි අරමුණ දේශපාලකයෝ එළියට ගන්න නම් අපි විරුද්ධයි. මොනවා කරන්නත් කළින් රට විවෘත කරලා ඉන්න. නැතිනම් හිරගෙවල් 10ක් හදන්න වෙයි ළඟදීම...
එතකොට ජිනීවා එකේ බැච්ලේ නෝනා කිව්වට පස්සේද ඔබතුමාට මතක් වුනේ... ඇමතිතුමෝ! තව ගොඩක් දේවල් තියනවා ඔබතුමන්ලාට අමතකව ගිහින් තියන...
ජී.එස්.ටී බ්ලොක් කරනවා කිව්ව ගමන් පොහොට්ටුවන්ට රට ගැන, රටේ මිනිස්සුන් ගැන මහා පුදුම හැඟීමක් ඇතිවෙලා. ඔය බයිලා වලට ඒ රටවල් රවටන්න බැහැ...
ආ අරයව එළියට දාන්න ආයෙත් පොටක් පාදගන්න වගේ හදන්නේ? මොකද එයාගේ අයියාගේ චැනල් එකෙන් දැන් මෙයාලාට පහර දෙන්න පටන් අරන් තියෙන නිසා...
මේ මහත්තයාට නම් මොකද?. එල්ලුම් ගස් ගිය දෙන්නෙකුත් ඔය ලැයිස්තුවට අතුළත්ද? අපි දැක්කා මේ මහත්තයා දවසට එක ගානේ අතේ බඳින ඔරලෝසු කෝටි ගණනක් වටිනා ඒවා කියලා පින්තූරත් එක්ක අන්තර්ජාලයේ විස්තරයක් පළකර තියෙනවා. එතරම් මුදලක් ඔරුලෝසු ගන්න වියදම් කරන්න ඇත්තේ මන්ත්‍රී පඩියෙන් ලැබුණු සල්ලි වලින් නම් වෙන්න බැහැ. දැන් ඔහොම නම් මහ පුටුවේ ඉඳගත්තාම කොහොම වෙයිද? දැන් යන පිළිවෙලට ඒක ඉතින් සක්සුදක් වගේනේ...
හිරේ ඉන්න ඕනෑ අය මෙහෙම කියනකොට හිනා යනවා.!!!
ඉල්ලන් කන්න වගේ හදන්නේ. නැතිනම් ඇදගෙන නාන්නද?
හොරට විභාගේ ලියලා පාස් වෙලා නේද මේ රඟපාන්නේ? අනේ අපේ රටට ගිය කලක්...