ඩයනා උදයංගනී
මහනුවර, දිගන ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී හා ස්වාධීන පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලීසියට සහ ආරක්‍ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම ප‍්‍රදේශයේ සියලූ දෙනාගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පොලීසියට සහ යුද හමුදාවට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා ද සියලූ පාර්ශ්වයන් සමඟ වගකීමෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ආරක්‍ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති අතර ප‍්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගත යුතු සියලූ පියවර ගන්නා ලෙස ද උපදෙස් දී තිබේ.
COMMENTS
හා හා සංහිදියාව කියන ඔටුන්නට හානියක් වෙනවානම් රටට හෙන ගැහුවට කමක් නැහැ නිකන් ඉන්න හොදේ.....
රටේ නීතිය අතට ගෙන රටතුල අනවශය කලකෝලාහල ඇතිකරමින් නීතිය හා සාමය බිද දමමින් ජන වර්ග අතර සංහිදියාව විනාශ කරමින් හා ඔවුන් අතර සැකය අවිශ්වාසය හා වෛරය ඇතිකරමින් කරන මේ ජාතික අපරාධයට වගකිව යුත්තන් සොයා ඔවුන්ට ඉහලම දඩුවම් දීමට කටයුතු කල යුතුයී.
පසුගිය කාලේ සිදුවූ දෙයින් පේනවා මෙම සිදුවීම් පසුපස යම් කල්ලියක් ඉන්න බවට සැක කල හැකියි. නිතිය හා සාමය ෆොන්සේකාට දෙන්න . එතුමා මේ ප්‍රශ්න විසදලා දෙයි. රටේ පැතුමත් එයයි.
ජනතාව කුපිත කෙරීමට හේතුවන නීතිය අතට ගෙන අපරාද කරන අයට එසේම උපරිම දඩුවම් දිය යුතුයි.
මෙතන හොඳ පැත්තකුත් තියනවා. දේපලවලට ගිනි තිබ්බහම මිනිස්සු අතරේ තණ්හාව, ඊර්සියාව නැතිවෙලා සමගිය ඇතිවෙනවා. ඉවසීමත් පුරුදු වෙන්න පුළුවන්. ඉපදිච්ච කව්රුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කවදා හෝ මරණය රස විඳිය යුතුමයි. අපරාදකරුවන් ජයගත්තා කියලා ලෝක ඉතිහාසයේ කොහෙත්ම නැහැ. එනිසා මේවා අමතක කරලා දාමු.
රවීන්ද්‍රලාගේ බලාපොරොත්තු හා පැතුම් ඉටුවෙන ලකුණු පහළවී තිබියදීත් ඇයි මෙතන තවත් බෙරිහන් දෙන්නේ? ගෙදර කිරිබතක් එහෙම උයලා සතුට සමරන්න එපැයි? ඔබට සතුටුයිද දැන්?
භද්‍රානි, ඔයාගේ කතාව හරි... සමහරු කාලකණ්ණි සතුටක් ලබනවා මේවාගෙන්...
රටේ අසාධාරණයක් වුණාම ඒකට ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලා අමුතුවෙන් කියන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්.... එ් කියන්නේ එහෙම කියන්නේ නැති ඒවාට වෙන්නේ පක්ෂපාතී පරීක්ෂණ කියන එකනේ.. රටේ මුල් පුරවැසියම රටට කියන්නේ නේද? මොනවා වුණත් එතුමා ඇත්ත කියනවා.
ජනාධිපතිතුමා සංහිඳියාව ගැන කටයුතු කරනවා. නමුත් සංහිඳියාව කියන්නේ කෙනෙකුගේ පැවැත්මක් සමග තවත් කෙනෙකුගේ විනාශය නෙමෙයි. ජනපතිගේ සංහිදියාව සුළුතරය අනුමත කරනවා නම් පසුගිය මැතිවරනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැගෙනහිර හා උතුරේ ජයග්‍රහණය කල යුතුයි. ඒත් අඩුම තරමේ ඡන්ද දහයක් වැටුනේ නැති අවස්ථා තිබ්බා. ජනපතිගේ සංහිදියාව සුළුතරයත් ඔක්කෝටම කලින් ප්‍රතික්ෂේප කලා.
දිනෙන් දින රට ආරාජකත්වයට යනවා. රජයේ පරිපාලනය මන්දගාමිවෙලා. නිතිය අඩපනවෙලා, ජනතා ප්‍රශ්නවලට විසදුම් නොමැත. නායකයන් තමන් පැවැත්ම රැක ගන්න උත්සහ කරව මිසක් ජනතා ප්‍රශ්න විසදීමට අවධානය යොමුකරන්නේ නැහැ, සහනාධාර දෙන්න අදික බදුබර අඩුකරන්න, හොදම දේ තමයි මැතිවරණයකට යන්න.
රටේ යම් සිද්දියක් වුණාම එකට පරීක්ෂණයක් කරන්න කව්රු හරි කියන්නම ඕනෙද ඒකද නීතිය ? අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියා තිබෙන දෙයින් පැහැදිලි වෙන්නේ රටේ නීතිය සාධාරනව සැමට ක්‍රියාත්මක නොවන බව නේද ?
ඔය දිගන ප්‍රශ්නත් දුරදිග ගියෙ පිටින් ආපු අය නිසා ඔය අසල්වැසි අය මෙයට සම්බන්ධ නැහැ, දැන්වත් රටෙ නීතිය හා සාමය තහවුරු කරන්න. ඔබගෙ ඔය කියන බලය පාවිච්ච් කරන්න. රට අස්තාවර වෙන්න ඉඩ තියන්න එපා. ඒ වගේම ඔය මිනීමරුවන්හට උපරිම දන්ඩුවම් දෙන්න රට අස්තවර කරන්න ඔය සුලු පිරිසකට ඉඩ තියන්න එපා රටේ මිනිස්සුන්ට ජීවන වියදම දරා ගන්න අමාරුයි ඒකට මොනව හරි කරන්න.
ඕකටත් කොමිටියක් දාල බලමු. ටික දවසක් ගියාම අමතක වෙලා යයි.
ඒ කියන්නේ දැන් පොලිසියත් වැඩ කරන්නේ මෙයා කිව්වොත් විතරද?
රවීන්ද්‍ර මහත්මයෝ, අපේ රටේ පමණක් නොවෙයි මේ මුළු ලොවේම අශීලාචාර පුද්ගලයින්ගේ නොමනා, හැසිරීම් හා ක්‍රියාකාරකම් පිළිබඳ ගැටළු තිබෙනවා. නමුත් ඒ, පුද්ගල වැරදි, කිසියම් ජනවර්ගයකට හෝ ජාතියකට ආරෝපණය කිරීම ඉතාම අමනෝඥ ක්‍රියාවක්. පුද්ගල චින්තන, හා ආකල්ප, එකම ජාතියකට හෝ ආගමකට අයත් වූවත් විෂමයි. විවිධාකාරයි. යුද්ධයක නියැලෙන සොල්දාදුවා, කිසිවිටෙක අපරාධ කරුවෙක් නොවන බවත්, යුද්ධය සඳහා සමාජය පොළඹවන්නන්, භයානක අපරාධකරුවන් බව අවබෝධ කර ගන්න. තිස් වසරක යුද්ධයෙන් බැට කෑ එකම රටක වෙසෙන, මානව ජාතියක් ලෙස, අපි විඳි පීඩා මෙනෙහි කරන්න. යුද්ධයෙන් අබාධිත වූ රණවිරුවන් හා සාමාන්‍ය වැසියන් ගැන සිහි කරන්න. කෙන්ද, කන්ද කර දැකීම අඥාණයින්ගේ ස්වභාවය බවත්, අපට මේ ලැබී තිබෙන මේ ජීවිතය ඉතාම කෙටි වුවත්, සසර මීට වඩා බොහෝ දිගුවිය හැකි බවත්, ධර්මය රකින්නා, ධර්මය විසින් ආරක්ෂා කරන බවත්, වෛරයෙන්, වෛරය නොසංසිඳෙන බවත්, වෙන්වී, එකිනෙකා සමග ගැටී, අපි සැමදෙනා එකට නැසෙමුද? සැවොම එක්වී සමාදානයෙන් ජීවත් වෙමුද? යන තීරණය රටේ අනාගතය තීන්දු කෙරෙන ප්‍රධාන සාධකය බව අපි සැම දෙනා බුද්ධිමත් ලෙස අවබෝධ කර ගත යුතු වෙමු.