කේ බුද්ධික කුමාරසිරි
දක්ෂිණ අධිවේගී මාර්ගයට අතුරුගිරිය පිවිසුමෙන් ඇතුල් වී කොට්ටාව දෙසට ධාවනය කළ තී‍්‍රරෝද රථයක් අද (14) දහවල් කොට්ටාව පිවිසුම ආසන්නයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පවසයි.
මෙම තී‍්‍රරෝද රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් මාර්ගයට ඇතුළු කිරීමට පැමිණීමේදී එහි සිටි ආරක්ෂක නිලදාරීන් ඊට විරෝධය පා නැවත හරවා යන ලෙස පවසා තී‍්‍ර රෝද රථය හරවා ගැනීම සඳහා ආරක්ෂක කඩුල්ල විවෘත කල අවස්ථාවේදී මෙම තී‍්‍ර රෝද රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කර කොට්ටාව දෙසට ධාවනය කර ඇති බවද එම පොලිස් ඒකකය පවසයි.
පසුව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන අංශයේ නිලධාරීන් වහා කී‍්‍රයාත්මක වී තී‍්‍ර රෝද රථය ලූහු බැඳ ගොස් කොට්ටාව පිවිසුමට ආසන්නයේදී තී‍්‍ර රෝද රථය නවත්වා අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් මෙම තී‍්‍ර රෝද රථය සහ එහි රියදුරු හෝමාගම පොලිසියට භාර දී තිබේ.

COMMENTS
පොහොට්ටු පොරක් වැඩ අල්ලලා වගේ...
කුජිත වෙන්න පැරදිලා ලජ්ජාවට හැංගෙන්න යන අලියෙක්, සීනුවක්, බුලත් කොළයක්ද දන්නෙත් නැහැනේ!
මොනවටද සැකපිට අත් අඩංගුවට ගන්නේ... වරද පැහැදිලිවම පේන්න තියනකොට?
ගමේ ගවමඩුවට තේරුණු අලුත් "අම්බරුවෙක්" වියයුතුය. උපරිමයෙන් දඬුවම් කළ යුතුමයි.
මෙවැනි මහත්වරුන්ව දැන්ම බැඳ දැමුවේ නැත්නම් ලොකු සමාජ පිළිලයක් වෙනවා.
බොහෝ පැටලිලි සහිත ප්‍රකාශයකි... පොලීසිය මීට වඩා වෘත්තීය මට්ටමක් දැක්විය යුතුයි...
ලංකාවේ ඡන්දෙ දාන්නෙත් මේ වගේ තමයි. ඉදිරිය ගැන හිතන්නේ නැහැ. ෆේස්බුක්, ඉන්ටර්නෙට් එකේ දවස පුරාම හිටියත්, අධිවේගී මාර්ගයකින් හිතුමතේ එළියට යන්න බැහැ කියන එක තේරුම් ගන්නේ නැහැ. අන්න ඒ වගේ තමා, උගත් වුණත් සාමාන්‍ය දැනීම නැහැ. අද කනබොන විදිහ තමා හිතන්නේ...
සිත නිවන කතා බොහෝමයි.....!!!
මෙයා කා සමග හෝ ඔට්ටුවක් අල්ලලා තිබුණාද බලන්න අධිවේගී මාර්ගයේ යනබවට... එහෙම නම් දඩය ගෙව්වාට පාඩු නැහැ. ඔට්ටුව දිනලා නිසා මොකද මෙයා අතුරුගිරියේ ඇතුල් වෙලා කොට්ටාවෙන් පිට වෙලා .
නියම පොහොට්ටුවෙක් වෙන්න ඇති. දැන් ඉතින් දිනුව නිසා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඕවා හැදුවේ කාගේත් සල්ලිවලින් නේද?
අනේ මන්දා මටනම් මෙතන වෙන මොනවාහරි දෙයක් තියෙනවා කියලා හිතෙනවා. ත්‍රී රෝද රථය හරවන්න ආරක්ෂක කඩුල්ල විවෘත කරන්නම ඕනෑද ඇයි ත්‍රී රෝද රථය පොඩ්ඩක් පස්සට අරගෙන හරවන්න බැරිද. අනෙක ත්‍රී රෝද රථයක් හරවගන්න තරම්වත් ඉඩක්නැති පිවිසුමක්ද අතුරුගිරියේ තියෙන්නේ. අනේ මන්ද ඉතින් මේවා දන්නේ දෙවියෝ තමයි.
අතුරුගිරියේ ඇතුල්වෙලා කොට්ටාවෙන් පිටවෙලා අධිවේගේ ඉන්න පොලිසිය පයින් ගිහින් මෙවැනි අය අල්ලන්නේ .. හිනා කාල මැරෙනවා
මේ අය මොනවද කතාකරන්නේ. මහත්වරුනි මාතෘකාවට අදාලව කොමෙන්ට් දාන්න. අපේ කාලය කන්නේ නැතුව.
නුවන් ඔබේ අදහස කියෙව්වාම මටත් හිනා කාල මැරෙනන හිතුණා. ඒ ඔබේ දැනීම ගැන. අධිවේගී මාර්ගයේ ඔබ ගොස් තිබෙනවා නම් දකින්න ඇති අධිවේගී මාර්ගයට ඇතුළුවන ස්ථානයේ සිටින පොලිස් නිලධාරියාට කිසිම වාහනයක් නැතිබව. ඉතුරු හරිය මම කියන්න ඕනේ නැහැනේ.
ඔහු වීරයෙක් වෙන්න බලන්න ඇති.
ඔය පාර හදන්න සල්ලි වැඩිපුරම ගත්තේ පොඩි මිනිහගෙන් තමයි ඒත් ඒ මනුස්සයට පාරේ යන්න අයිතියක් නෑ.
විජේ ! එහෙම අපහු හැරෙව්වොත් විරුද්ධ පැත්තට ධාවනය කරන්න වෙනවනේ. එතකොට හරි ජංජාලයක් වෙන්නේ! ඒකනේ දොරටුව ඇරලා අනිත් පැත්තට හරවන්න හැදුවේ. තේරෙන්නේ නැද්ද?
මට පේන්නේ පිවිසුමේ අය නිදා ගෙන වගෙයි. වැරදි වාහනයක් අාවම ගේට්ටුව අැරලා දෙන්නේ මොන කෙනාද? උදාහරණයක් විදියට ගෙදරට හොරෙක් අාවම ගේ ඇතුළට දොර ඇරලා ගත්ත වගේනේ.. ඕනෙතරම් ඉඩ තියෙන්නේ ආපස්සට ගන්න.. මේක නම් නොසැලකිල්ල... ඒ ගේට්ටුවේ හිටපු අයට විනය ක්‍රියාමාර්ග ගන්න. අනික පොලිසියට ත්‍රීවීල් එක අතුරුගිරියේ ඉඳන් කොට්ටාවට එන කම් අල්ලන්න බැරිවුණා කියන්නේ මොන විහිළුවක්ද? ඒ කියන්නේ අධිවේගයත් අනාරක්ෂිත තත්වයට ඇදවැටිලා...
දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරන වෙලාවේ ජයඝෝෂා නගලා තාත්තලා, පුතාලා නවීන පන්නයේ බී.එම්.ඩබ්ලිව් වාහනයක නැගලා නියමිත වේග සීමාවත් උල්ලංඝනය කරලා රටට පෙන්වූ සංදර්ශනයේ ආනිසංශ තමයි මේ. කිව්වේ නම් අධිවේගය ජනතා අයිතියට පත් කළ බවයි. මේ ත්‍රී වීලර් කරුවාට අමතක වී ඇත්තේ "ජනතාව" අතර ඔහු අයත් වන පන්තිය කුමක්ද යන්නයි. ජනතාව කිව්වට හැමෝම ජනතාව නොවන බව ජනතාව දැන්වත් පසක් කර ගත යුතුයි.