ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදීත් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පිට පිටම එක්දින තරග දෙකකදී ද්විත්ව ශතක සම්බන්ධතා දෙකක් ගොඩනැංවූ පළමු පිතිකරු යුගළය ලෙස ලෝක වාර්තාවක් පිහිටවූහ.
එක්දින අන්තර්ජාතික තරග ආරම්භ වූ 1971 සිට එක්දින තරග වලදී ද්විත්ව ශතක සම්බන්ධතා රාශියක් පිහිටුවා ඇතත් පිට පිටම තරග දෙකකදී එකම පිතිකරු යුගළය විසින් ද්විත්ව ශතක සම්බන්ධතා දෙකක් පිහිටුවන ලද පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඉකුත් 6 වැනිදා පැවැති තරගයේදීත් පළමු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 229 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට මෙම පිතිකරුවෝ දෙදෙනා සමත් වූහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.