පුෂ්පකුමාර ජයරත්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමට ආසන්නයේ දී අද (31) පෙරවරුවේ එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ජිප් රථයක් හදිසියේ ගිනි ගෙන විනාශ වී තිබේ.
ගින්න හටගන්නා අවස්ථාවේ දී එහි රියදුරන් පමණක් සිට ඇති අතර ඔහු පිළිස්සුම් තුවාල ලබා ඇත.
පසුව එම මාර්ගයේම ධාවනය වු වෙනත් වාහනයකින් තුවාල ලැබු රියැදුරා රෝහල් ගත කිරිම සඳහා ගෙන ගිය බව පැවසේ.
ගින්නට හසුවු රථය කොට්ටාව දෙස සිට කඩවත දෙසට ගමන් කරමින් තිබු බවත් ගිනි නිවන රථ එම ස්ථානයට ළඟාවී ඇත්තේ විනාඩි 40කට පමණ පසුව බව පැවසේ.



COMMENTS
ගින්න නිවන්න විනාඩි හතළිහකට පස්සේ එන්න ඇත්තේ ගිනි නිවන වාහනයක් නොවෙයි. භෂ්මාවශේෂ ටික එකතු කරගෙන යන්න ආපු වාහනයක් වෙන්න ඇති
පෙනෙනා හැටියට නම්, මේ රථය ඉන්දියන් එකක් වගෙයි. කොහොමත් අප රටේ ගිනි නිවන රථ එනවිට එය දැවී හමාරයි. ඒ තරමටම පෙර සුදානමක් තියෙනවා. පසුගිය පොහෝදා පෙරවරු 12 ට පමණ අප පොලොන්නරුවට වන්දනා ගමනක් ගියා. මාතර ගොඩගම පිවිසුමෙන් ඇතුල්වූ අප බස් රථය කුරුඳුගහහැතැක්ම පාලු ප්රදේශයේදී, රියදුරුගේ හිසට විශාල කළු ගලක් වේගයෙන් පැමිණියා. ඇසිල්ලකින් ගල් ගෙඩිය රියදුරුගේ ඉදිරි වීදුරුවේ නොවැදී මහත් ශබ්දයක් නඟමින් බසයේ ඉදිරි කණුවේ වැදුනා. අප සිතුවේ බසයේ ටයරයක් ගියා කියලයි. පසුව මේ බව කොට්ටාව පිටවීම් ස්ථානය වෙත පැමිණිලි කළා. එතැන සිටි පොලිස් නිලධාරියා ඇතුළු අය කීවේ මීට පෙරත් මෙවැනි දේ සිදුවී ඇති බවත්, ඒවා නැවත්වීමට නොහැකි බවත්ය. මේ පිලිබදව පොලිස්පති තුමා දැනුවත් කිරීමට චායාරුපයක්ද ගත්තෙමි. කෙසේ වෙතත් අපගේ වාසනාවට අප බේරුනත්, මෙම අනාරක්ෂිත අධිවේගී මාර්ගය භාවිතයේදී පරිස්සම් වන ලෙස ඔබ හා ඔබ දන්නා සියලු දෙනාගෙන් මෙසේ ඉල්ලා සිටිමි.