(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මන්තීන්ද විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මගින් පවත්වනු ලැබු මාධ්‍ය සමීක්ෂණයකදී දකුණූ පළාතේ ජනප්‍රියතම මුද්‍රිත මාධ්‍ය ලෙස ලංකාදීප පුවත්පත තෝරා ගෙන ඇත.
එමෙන්ම උසස්පෙළ සිසු සිසුවියන් වැඩි දෙනෙකු කියවන පුවත්පත බවටද ලංකාදීප පුවත්පත පත්ව තිබේ.
මාතර මහා මන්තීන්ද විද්‍යාලයට 125 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වු උත්සව මාලාවේ ඊයේ (23) රාත්‍රි මාතර කොටුව ක්‍රීඩාංගණයේ පැවති සමාප්ති උත්සවයේ දී ලංකාදීප පුවත්පතට හිමි එම සම්මානය මාතර මන්තීන්ද මාධ්‍ය ඒකකය භාර ආචාර්ය රොෂාන් පරණමාන මහතා විසින් ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතාට පිරිනමනු ලැබීය.

COMMENTS
කවදත් තම ජාතික වගකීම වටහාගෙන කටයුතු කරන " ලංකාදීප" පුවත් පතට සුභ පැතුම්. ජයවේවා.
නිරෝෂනට අපේ විප්ලවීය ආචාරය.නිරෝෂනගේ මහන්සියට රිසල්ට් ඇවිල්ලා............!
දකුණෙ විතරක් නෙමේ රටේම ජනප්‍රිය පුවත්පත තමා ලංකාදීපය
" ලංකාදීප" පුවත් පතට සුභ පැතුම්. ජයවේවා.