IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දකුණේ ජනතාව වෙනුවෙන් උතුරේ සෙනෙහස සොයයි

(රොමේෂ් මධුෂංඛ)

ස්වාභාවික විපත් අවස්ථාවකදී තිරිසන් සතුන් වන නයි මුගටින්ට එකට ඉන්නට හැකි නම් දකුණේ විපතට පත් ජනතාව වෙනුවෙන් ජාති ආගම් කුල භේද නොසලකා උතුරේ ජනතාවගේ සෙනෙහස අවශ්‍ය වී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පැවසීය.

ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ දකුණේ ගංවතුර ගැලීමෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ආධාර එක්රැස් කිරීමේ කාර්යාලයක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී විවෘත කළ අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

දකුණේ සහෝදර ජනතාවට උතුරේ සෙනහසේ ආධාර අවශ්‍ය බවටත් වෙනත් පළාත් වලින් දකුණේ ජනතාවට ලැබෙන ආධාරයන් වලට වඩා උතුරේ ජනතාවගෙන් ලැබෙන ආධාරයන්හි වටිනාකම වැඩි හෙයින් අද (31) සිට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට හෝ එහි නිලධාරීන්ට උතුරේ ඕනෑම පුද්ගලයෙකුට සංවිධානයකට අධාර ලබා දීමට කටයුතු යොදා ඇති බවත් ඔහු කීවේය.



අදහස් (10)

දකුණේ ජනතාව වෙනුවෙන් උතුරේ සෙනෙහස සොයයි

Mahesh Wednesday, 31 May 2017 08:02 AM

අන්න කතාව.. ජය වේවා! හැබැයි ඉතින් මේවා මෙහෙම ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නැහැ. ඒ හැඟීම නිරායාසයෙන්ම පැමිණිය යුතුයි. එතකොට තමයි සිංහල අපිට හොඳටම දැනෙන්නේ උතුරේත් ඉන්නේ අපේම අය කියල.

:       0       95

chamindaWednesday, 31 May 2017 08:34 AM

සම්පුර්ණ ඇත්ත. එදා නන්දිකඩාල් කලපුවෙන් මෙහාට ජිවිතේ බේරන් අපු මිනිස්සුන්ට කන්න අදින්න දේවල් දුන්නේ දකුණේ මිනිස්සු. ඒවා කලේ කවුරුත් කියල නෙමයි. කරලා කියනවා නෙමයි. ඒක තමා ඇත්ත.

:       0       182

shani Wednesday, 31 May 2017 08:15 AM

හම්බවෙයි බලන් ඉන්න.

:       66       407

adiri Wednesday, 31 May 2017 08:32 AM

සල්ලි දුන්න නම් ඇති. ද්‍රව්‍ය එපා ..

:       31       2

dinesh Wednesday, 31 May 2017 08:41 AM

විපක්ෂ නායකතුමා කොහෙද ඉන්නේ ? උතුරේ ඉන්න සමහරක් මිනිස්සු හොඳ නැහැ.

:       75       12

bandula Wednesday, 31 May 2017 08:46 AM

මොනවටද ඒ අය හිඟා කන්නේ ?

:       1       1

sanjeeva Wednesday, 31 May 2017 08:49 AM

අපි පොඩ්ඩක් හිතන්න ඕනේ දෙයක් තියෙනවා මේ අවස්ථාවේ.. දකුණේ මහා ගංවතුර නිසා බොහෝ පීඩා විඳිනවා . ඔබ උතුරු දෙසට යන්න.. දැඩි නියඟය නිසා වගා පාලු වෙලා.. බොන්න හරිහමන් විදිහට වතුර නැහැ. ඒ මිනිස්සුත් ඉන්නේ අන්ත අසරණ වෙලා.. එහෙන් ලැබෙන දෙයක් සතුටින් බාරගමු....

:       3       86

saman Wednesday, 31 May 2017 09:07 AM

සංහිඳියාව පෙන්වනවා නම් මෙන්න හොඳම අවස්ථාව...

:       0       86

gamage Wednesday, 31 May 2017 09:09 AM

ඒ අයට ඕනේ අනිත් මිනිස්සුන්ට ඕනේ දෙයක් කියලා තමන්ගේ වැඩේ විතරක් කරගන්න...

:       49       1

ඩොං Wednesday, 31 May 2017 09:59 AM

උතුරේ ජනතාවගෙන් සමහරක් ගොඩක් සතුටුයි දකුණේ වෙන සමහර දේවල්වලට...

:       119       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site