අමල් වික්‍රමරත්න
හත්වන දකුණු පළාත් සභාවේ හතරවැනි අයවැය හෙවත් දකුණු පළාත් සභාවේ 2018 වර්ෂයේ මුදල් ප්‍රකාශය හා විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 41 කින් සම්මත විය.
අය වැය සඳහා පක්ෂව ඡන්ද 47ක් සහ විපක්ෂව ඡන්ද 06 හිමිවිය.
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමද අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවිය.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා විසින් 2018 අය වැය යෝජනාව දකුණු පළාත් සභාවට ඉදිරිපත් කළ අතර දින දෙකක විවාදයකින් අනතුරුව ඡන්ද විමසීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පළාත්සභා වලින් ජනතාවගේ මුදල් නාස්ති කරනවා ඇරෙන්න කෙරෙන වැඩක් නැහැ. මේවා ඉන්දියාව වගේ ලොකු රටවල් වලට නම් ප්‍රශ්නයක් නැහැ. මේවා අහෝසි කරලා දමන්න කාලය ඇවිත්...