(විනීතා එම් ගමගේ)
තේ කොළ වලට සීනි කවලම් කර වෙළඳ පොළට එවනු ලබන කම්හල් පිළිබඳව විමර්ශන කටයුතු තවදුරටත් දැඩි කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පතී මොල්ලිගොඩ මහතා පැවැසීය.
වැටලීම් පමණක් නොව අති නවීන විද්‍යාගාර පහසුකම්වලින් සතිපතා සිදුකරන පරික්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම නිසා වෙළඳපොලට එන ප්‍රමිතියෙන් තොර තේ හඳුනා ගැනීම පහසුවී ඇතැයි ද මොල්ලිගොඩ මහතා කියා සිටියේය.
තේ වෙන්දේසියට ලැබෙන තේ සතිපතා නිරන්තරව අහඹු ලෙස තෝරාගත් තේ කුඩු නියැදි පරීක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.
තේ කම්හල් 700 ක් දිවයින පුරා පිහිටා ඇති අතර සතිපතා එයින් 695 කට ආසන්න ප්‍රමාණයකින් වෙන්දේසියට තේ එන බවත් මෙසේ අහඹු ලෙස නිරන්තර නියැදි තෝරා ගැනීම නිසා බොහෝ තේ කම්හල්වල නිෂ්පාදන පරීක්ෂාවට ලක්වන බවත් මොල්ලිගොඩ මහතා කීය.
කෙසේ වෙතත් තේ කොලවලට සීනි දමා තිබියදී හසුවූ කම්හලේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ පිළිබඳ සිදුවන පරික්ෂණවලින් පසු වැරදිකරු වුවහොත් කම්හල සම්පූර්ණයෙන්ම වසාදැමීමට කටයුතු කරන බව ද කීය.
එම කම්හල් හිමියන්ගේම තවත් කම්හලක් මේ වනවිටත් වසාදැමීමට තේ මණ්ඩලය කටයුතු කොට ඇත්තේ එහි නිෂ්පාදනවල ද සීනි මුසුකිරීමේ සිද්ධියක් හසුවීමෙන් පසුව යැයි ද කියා සිටියේය.
COMMENTS
අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන තේ නිෂ්පාදනයේදී සමහර දෙනා අවිනීතව කටයුතු කිරීමෙන් සමස්ත තේ කර්මාන්තයම අනතුරේ වැටෙනවා. ඉවත දමන කසළ තේ ගම්පොල ආදී ප්‍රදේශවල සිටින මුස්ලිම් වෙළෙන්දන් ගෙනගොස් දමා, අළුහුණු ගසා තවත් දේ එක්කොට වෙළඳ පොළට යැවෙනවා. තේ පරීක්ෂකවරු මේවාට නිහඬ වන්නේ ඇතැම් දෙනාට අතමිට සරුවන බැවිණි. සමහර කම්හල් හිමියන්ට විශාල මුදලක් ලැබෙනා නිසා ඔවුන් රහසිගතව කසළ තේ විකුණනු ලබනවා. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ තේ කර්මාන්තය කඩා වැටීමයි. එබැවින්, කසළ තේ සියල්ල ගිනිතබා විනාශ කිරීමේ ස්ථිර වැඩපිළිවෙළක් අවශ්‍යයි. එසේ නොකරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම බලධාරීන්ගේ වගකීමක්... එය රටේ ආර්ථිකය සවිමත් කිරීමක්...
උඩුනුවර පැත්තේ හිටියා කට හැකර දේශපාලකයෙක් මේවට හොඳට උදව් කරපු...
කොහොමත් ඉතින් සීනි දාලනේ බොන්නේ...
රත්නපුර පැත්තේ තියෙන පුද්ගලික තේ කර්මාන්ත ශාලාවල තියෙන ඔක්කොම කසල තේ ගම්පොළ ඉන්න කසල තේ වෙළෙන්දෝ ගෙනියනවා. ගෙනිහින් නොයෙක් දේවල් කළවම් කරලා පාට දාලා විකුණනවා.
ඒ කියන්නේ ක්ෂණික තේ වර්ගයක්ද? වතුර දාලා බොන්න විතරයි තියෙන්නේ... ඉතින් හොඳයිනේ...