(ජයන්ත සමරකෝන්)
2017 ට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයින් 5,75000 කගේ විශ්‍රාම වැටුප් විෂමතා අතරින් මේ වන විට 80% කගේ වැටුප නිවැරදි කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.
ඒ අනුව තවත් ඉතිරිව ඇති 20% කගේ වැටුප් විෂමතා මේ මාසය අවසන් වීමට පෙර සකස් කරන ලෙසට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා උපදෙස් ලබා දී ඇත.
මෙම වැටුප් විෂමතා සකස් කර ගෙවීම් කටයුතු ආරම්භ කරනු ලැබූයේ රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ 14/2019 ට අනුව ඉකුත් ජූලි මාසයේදීය.
දැනට විෂමතා ගෙවීමට සිටින සංඛ්‍යාව 115,000 වැනි සුළු පිරිසකට පමණක් බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි. මෙරට සමස්ත විශ්‍රාමිකයින්ගේ සංඛ්‍යාව 6 35, 000කි.
COMMENTS
ඕවා දුන්නට මැතිවරණය පරාදයි හරිද?
රජය දවසට රුපියල් කෝටි 200ක් ණයවෙලා පඩි ගෙවනවා දැනට අවුරුදු 5 ට ඩොලර් කෝටි 2000 ක් ණය වෙලා. අවසානය කොතනද
බලාපොරොත්තුව බලාපොරොත්තුව.. තව ඡන්ද 15 දාහක්. බලාගෙන ඉන්න ..ලැබෙයි ලැබෙයි ...
මේවා නම් ලැබුනා. අර ඉස්සර 2500 මේ ගමනවත් ලැබේද?
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එකම කුණු ගොඩක්. එහි සේවකයින් විශ්‍රාමිකයින්ට සළකන්නේ ඔවුන්ගේ අත පල්ලෙන් වැටුනා වගෙයි. වැඩක් කරගන්න ඇත්තටම බැහැ. කොතරම් ඉල්ලීම් කරත් අවුරුදු ගණන් විශ්‍රාම වැටුප් නොගෙවා ඉන්නවා. එහි සිටින සමහර අය කතා කරන්නේ බලතල අතට අරන්. විශ්‍රාමිකයෝ කියන්නේ කලකට ඉහත රජයේ සේවයේ යෙදුන අය බව හිතන්න ඕන.