‘තෙල් ගෙන්වීමට කැඳවූ ටෙන්ඩර් 3ක් අවලංගු කිරීමට අර්ජුන උත්සහ කළා‘ යන මැයෙන් 2019.10.10 දිනැති ලංකාදීප අන්තර්ජාලයේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් ලංකා ඛණිජතෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ හා සැපයුම් දාමය) මහේන්ද්‍ර කුමාර ගරුසිංහ මහතා කරුණු පැහැදිලි කර සිටී.
එම වාර්තාවේ ඇතැම් කොටස් සාවද්‍ය බව ගරුසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.
‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා මෙරටට ඉන්ධන ගෙන්වීමට කැඳවා තිබූ දීර්ඝ කාලීන ටෙන්ඩර් තුනක් 2017 ඔක්තෝබර් මාසයේ දී අවලංගු කිරීමට එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයාව සිටි අර්ජුන රණතුංග මහතා උත්සහ කළ බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මහේන්ද්‍ර කුමාර ගරුසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටී යයි පුවත් වාර්තාවේ සඳහන් විය.
එහෙත් ඉහත සඳහන් ප‍්‍රකාශය තමන් විසින් කළ ප‍්‍රකාශයක් නොවන බවත් තමන් එම අවස්ථාවේ දී ප‍්‍රකාශ කළේ මෙම ටෙන්ඩර් තුන (03) ප‍්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලැබුණු බවත් ඒ වෙනුවට මෙම ටෙන්ඩර් තුන (03) අවලංගු කිරීම ප‍්‍රතික්ෂේප කළ අමාත්‍ය මණ්ඩල තීරණයක් පසුව ලැබුණු බවත් ගරුසිංහ මහතා කියයි.
තමන් එහිදී තවදුරටත් කියා සිටියේ අමාත්‍යවරයා මෙම ටෙන්ඩර් තුන (03) අවලංගු කිරීම යෝජනා කර තිබුණේ කඩිනම් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ යෝජනා ක‍්‍රම දෙකක් සහ ටෙන්ඩර් පති‍්‍රකාවේ ඇති කොන්දේසි සංශෝධනය කිරීමෙන් පසු මෙම ටෙන්ඩර් නැවත කැඳවීම මගින් මීට අඩු මිලකට මෙම ටෙන්ඩර් තුනට අදාළ තෙල් තබා ගත හැකි බව පදනම් කරගෙන බවද කරුණු පැහැදිලි කිරීමේ සටහන් වේ.
කරුණු පැහැදිළි කිරීමේ ලිපියේ සෙසු කොටස් මෙසේ වෙයි.
2. උපුටා ගැනීම
‘2017 අගෝස්තු සිට 2018 මාර්තු දක්වා කාලය තුළ රටේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා දිගුකාලීන ටෙන්ඩර් තුනක් කැඳවිය යුතු බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා සමාලෝචන කමිටුව තීරණය කළ බවත් ඒ බව අමාත්‍යවරයා දැන සිටියදීත් ඔහු විසින් නීත්‍යානුකූල ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය යටතේ අවශ්‍ය පියවර නොගත් බව ද කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේය.‘
මාගේ පිළිතුර:
මා මෙවැනි ප‍්‍රකාශයක් නොකළ අතර මේ අවස්ථාවේ කිසිම විටක අමාත්‍යවරයා දැන සිටිය දී අවශ්‍ය පියවර ලබා නොගත් බව මා ප‍්‍රකාශ නොකළ බවත් මා එහිදී ප‍්‍රකාශ කළේ මෙම ටෙන්ඩර් තුන (03) ප‍්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලැබුණු බවය. ඒ වෙනුවට ටෙන්ඩර් පති‍්‍රකා තුන (03) අවලංගු කිරීම ප‍්‍රතික්ෂේප කළ අමාත්‍ය මණ්ඩල තීරණයක් පසුව ලැබුණු බවයි. මා මෙහිදී තවදුරටත් කියා සිටියේ තෙල් ගෙන්වීමට අදාළ කමිටුවල තීරණ සඳහා කිසිම බලපෑමක් ඇමැතිවරයාට හෝ සංස්ථාවේ නිලධාරීන්ට කළ නොහැකි බවයි.
3. උපුටා ගැනීම
‘අපි මේ ටෙන්ඩර් සඳහා නිත්‍ය කි‍්‍රයාවලියක් හරහා කටයුතු කළා. අපි තාක්ෂණික ඇගයුම් කමිටුවක් පත් කළ අතර පසුව කැබිනට් අනුමත ප‍්‍රසම්පාදන කමිටුවට ද ගියා. ඉන්පසු ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවූ අතර අපි තෝරා ගත්තේ පෙට්‍රෝචයිනා ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගමයි. ඒ ඔවුන් අඩුම ප‍්‍රතිචාර දක්වන ලංසුකරු නිසයි.‘
මාගේ පිළිතුර:
මා ප‍්‍රකාශ කළේ ක්‍ඡුක් ආයතනයේ තෙල් මිල දී ගැනීමේ කි‍්‍රයාවලිය රජය අනුමත කළ ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය යටතේ කි‍්‍රයාත්මක කරන බවත් අදාළ තාක්ෂණික ඇගයුම් කමිටුව පත් කරන්නේ මහා භාණ්ඩාගාරය මගින් බවත්ය. සියලූම තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා අමාත්‍ය මණ්ඩලය මගින් පත්කළ විශේෂ ප‍්‍රසම්පාදන කමිටුවට අනුමැතිය සඳහා යොමු කරන බවයි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති ප‍්‍රසම්පාදන කමිටුව මගින් මෙම ටෙන්ඩර් තුන සඳහා අඩුම මිල ගණන් සහ ප‍්‍රතිචාර සහිත ලන්සුව ඉදිරිපත් කළ පෙට්ට්‍රොචයිනා ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගමහට අනුමැතිය ලබාදුන් බවයි.
4. උපුටා ගැනීම
‘මේ අනුව ඉන්ධන ගෙන්වීමට කෙටි කාලීන ටෙන්ඩර් සඳහා යාමට මග පෑ¥ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල පාඩුවක් සිදුවූයේ යැයි ද හෙතෙම වැඩි දුරටත් කොමිසම හමුවේ කියා සිටියේ ය.‘
මාගේ පිළිතුර:
මා මෙවැනි ප‍්‍රකාශයක් නොකළ අතර මා කියා සිටියේ රටේ අවශ්‍යතාවය සඳහා අඛණ්ඩව තෙල් සැපයීම සඳහා මෙම දිගු කාලීන ටෙන්ඩර් තුන මගින් ගැනීමට බලාපොරොත්තු වූ තෙල් තොග ප‍්‍රමාණය පසුව අවශ්‍යතාවය පරිදි තනි මිලදී ගැනීම් ක‍්‍රමය යටතේ නියමිත ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය අනුගමනය කරමින් අදාළ තාක්ෂණික ඇගයීම් කමිටුව හා විශේෂ ප‍්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය සහිතව සිදුකළ බවයි.
ඔබගේ ඉහත පුවත්පත් වාර්තාවේ අඩංගු වැරැදි ලෙස අර්ථ නිරූපනය වූ කරුණු සම්බන්ධව පසු දින (15 ඔක්තෝබර් 2019) මාගෙන් සාක්ෂි විමසීමට පෙර ජනාධිපති විමර්ශන කොමිසම වෙත ද කරුණු පැහැදිලි කළෙමි.
2019 ඔක්තෝබර් 10 වැනිදා පළවූ වාර්තාව මෙතැනන් කියවිය හැකිය.
‘‘තෙල් ගෙන්වීමට කැඳවූ ටෙන්ඩර් 3ක් අවලංගු කිරීමට අර්ජුන උත්සහ කළා‘‘
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තෙල් සංස්ථාව කරුණු පැහැදිලි කරයි