(ශිරාන් රණසිංහ)
සිදුවන පාඩුව අවම කර ගැනීමට තෙල් මිල හෙට (10) අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුව ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී.
තෙල් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා ඊට හරස් වුවද ගිය මසට වඩා බොරතෙල් මිල ඉහළ යෑම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ඉන්ධන මිල වැඩි කිරීම අත්‍යවශ්‍ය බව තෙල් සංස්ථා ප්‍රධානීන්ගේ ස්ථාවරය වී තිබේ.
ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ගිය මාසයේදී ඩොලර් 80ක් ව පැවති අතර අද (9) වනවිට එය ඩොලර් 84.41 දක්වා වැඩි වී තිබේ. මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ද 172 දක්වා අවප්‍රමාණය වී ඇත.
මේ නිසා ඉන්ධන මිල සූත්‍රය යටතේ සෑම මසකම 10 වැනිදා මිල සංශෝධන කිරීමට ගත් තීරණයට අනුව හෙට (10) වැනිදා ඉන්ධන මිල ගණන් ඉහළ දැමිය යුතුව ඇතැයි ද සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.
නැති නම් ඉන්ධන මත රජය අයකරන බදු පනත පහත හෙළිය යුතු බවත් එසේත් නොමැති නම් තෙල් සංස්ථාවට සිදුවන පාඩුව මහාභාණ්ඩාගාරය හරහා ප්‍රතිපූර්ණය කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලෝකෙම බොරතෙල් මිල පහල වැටිලා . ඉන්දියාවේත් මිල පහළ දැම්මා ලගදි. ලංකාවේ විතරයි මිල ඉහළ යන්නේ.
ලංකාවේ ඔක්කොම ඉහළට............ පඩිය විතරක් එලෙසම
අර සූත්‍රය අකුරටම ක්‍ිරයාත්මක කරන්න.
ඔය ආයතනයේ පුරවල පුරවල ඉන්න දේශපාලන හෙන්චයියෝ ටික අයින් කළා නම් අපිටත් අඩුවට තෙල් ගන්න තිබුණා
හොරු ඉන්නවා නම් බෑ බෑ...... මුන් රට විනාශ කාරනවා....... අපි දුක් විදිනවා.... බැරි උණත් උන්ට බැරි බව අපි දන්නෙමු........
තෙල් සංස්ථාව පාඩු ලැබුවත් ඉන්දියන් ඔයිල් එක ලාභ ලබනවා. කවුරු කොහොම එරෙහි වුවත් තෙල් සංස්ථාව අඩුම තරමේ සමාගම් දෙකක් අතර බෙදෙන පරිදි පෞද්ගලික වන්නේ නම් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබේවි. මොකද තරගය නිසා මිලපරතරය අඩු වෙනවා. වර්ජන නෑ. පාඩුව බදු සල්ලි වලින් පියවන්න ඕනත් නෑ. පිරවුම්හල් යම් ප්‍රමිතියකට සෑදේවි.
පෞද්ගලික අංශයේ අවම පඩිය වැඩි කරන්නකෝ.