(අජන්ත කුමාර අගලකඩ)
පෙට්රල් සහ ඩීසල් මිල අද හෙටම වැඩි වනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ රාත්‍රී සාකච්ඡාවක් පැවැත්වුණු අතර, නව මිල ගණන් පිළිබඳව එහිදී තීරණයක් ගැනීමට නියමිතව තිබිණි.
අතර ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (9) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. ඉන්ධන මිල සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින්, මිල සූත්‍රයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය බව ඇමැතිවරයා එහිදී පවසා ඇතැයි වාර්තා වේ.
ඉන්ධන මිල වැඩි නොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පත්ව ඇති මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද පැවැසේ.
ඉන්දියානු තෙල් සමාගම ඩීසල් හා පෙට්‍රල් මිල වැඩිකිරීමෙන් ඛනිජ තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 38ක පමණ අමතර පාඩුවක් ලබන බැවින් විසඳුමක් ලබා දෙන්නැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා
මුදල් අමාත්‍යාංශයෙන් මීට පෙර ඉල්ලීමක් ද කර තිබිණි.
මේ අතර ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉකුත් මස 24 වැනිදා පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එය ඉදිරිපත් කිරීම පසුවට ලක් දමා තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ට්‍රම්ප් ඉරානෙට සම්බාධක දැම්මට පස්සේ තෙල් මිල අහස උසට නගිනවා. මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න වුවමනාව එන්නේ තෙල් නගින කොට තමයි.
"තෙල් මිල අහස උසට නගිනවා. මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න වුවමනාව එන්නේ තෙල් නගින කොට තමයි." චීන කියමනක් තියෙනවා තිබහ එන්නට කලින් ලිඳ හාරන්න කියලා. අපි ඉතින් කොහොමත් පරක්කු ජාතියක්නේ.
අනේ හරි ශෝක්...