(මහින්ද නිශ්ශංක)
ඛනිජ තෙල් සේවක වර්ජනය හේතුවෙන් නතරවී තිබූ කොළොන්නාව හා මුතුරාජවෙල ගබඩාවලින් තෙල් නිකුත් කිරීම අද(27) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වූ බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම කියයි.
එහි කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා කියා සිටියේ අද පස්වරු 4 වනවිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් බවුසර් 266ක් හා මුතුරාජවෙල පර්යන්තයෙන් බවුසර් 186ක් නිකුත් කළ බවත් එම තෙල් බවුසර් 452න් තෙල් කිලෝ ලීටර් 1730ක් බෙදා හැර ඇති බවත් ය.
මීට අමතරව කටුනායකට, අනුරාධපුරයට හා බදුල්ලට දුම්රිය මගින් තෙල් බෙදා හැර ඇති බවත් ඔහු කීය.
නමුත් රට පුරා ඇති ඉන්ධන පිරවුම්හල්වලට මෙම තෙල් ලැබීමට කිසියම් කාලයක් ගතවන බැවින් මේ වනවිටත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දැකිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන අඟහරුවාදා වෙන්න කලින් ෆුල් ටෑන්ක් ගහගන්න .