IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


තෙල් බෙදාහැරීම හමුදාව අතට ගනී

කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවල කටයුතු සඳහා හමුදාව මැදිහත් වී ඇතැයි යුද හමුදාව පවසයි.

සේවකයන් රැදී සිටි කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට අද (26) අලුයම යුද හමුදාව ඇතුළු වී ඇති අතර වර්ජනයට එක්ව සිටින සේවකයන් එම ස්ථානයෙන් ඉවත් කර ඊට සහාය නොදක්වන සේවකයින්ගේ ආරක්ෂාව පොලිසිය ද මැදිහත්ව තහවුරු කර ඇතැයි වාර්තා වේ.

තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ දී නිකුත් කෙරිණි.

මේ අතර තෙල් සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය ගැන සිතා වහා සේවයට වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 

 



අදහස් (24)

තෙල් බෙදාහැරීම හමුදාව අතට ගනී

Athula Wednesday, 26 July 2017 04:22 AM

ඉතාමත්ම හොඳයි. මේ වගේ අය තමයි කරන්න ඕනේ...

:       104       134

nilmini Wednesday, 26 July 2017 04:46 AM

රජය මහජනතාවගේ පැත්තේ සිට වැඩ කිරීම මෙසේ ආරම්භ කළා වගේ. ඉතාම සතුටුයි.

:       42       486

rohan Wednesday, 26 July 2017 04:46 AM

මේදේ තමයි වෙන්න ඕනේ. සේවයට වාර්තා නොකරන සේවකයින් සේවයෙන් පහකර අලුත් අය බදවාගන්න.........

:       6       286

vipula Wednesday, 26 July 2017 04:48 AM

මෙම සේවාව අත්‍යාවශ්‍ය වුනේ ඊයේ රෑ

:       310       26

Mewan Wednesday, 26 July 2017 04:51 AM

ප්‍රමාද වී හෝ මෙවැනි කෙලින් තීරණයක් ගැනීම ගැන සතුටුයි, මෙසේම දොස්තර වර්ජන වලටත් අනෙකුත් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන්නා වූ වර්ජන වලටත් පිළිතුරු දිය යුතුයි.

:       282       290

Damitha Wednesday, 26 July 2017 05:02 AM

අති විශිෂ්ටයි. දොස්තර වර්ජනයටත් හමුදාව දමලා වැඩ කරන අයට ආරක්ෂාව දෙන්න.

:       724       436

chamara Wednesday, 26 July 2017 05:30 AM

නියමයි.උද්ගොෂකයෝන්ට ඕන විදියට රටේ ප්‍රතිපත්ති තීරණය වෙන්න ඕන නැ. පුද්ගලික අංශයෙන් තොරව මේ රට සංවර්දනය කරන්න බැරි බව තේරුම් ගන්න රටේ ජනතාවට මිට වට ආර්ථික විද්‍යාව ගැන අවබෝදයක් ලබා දෙන්න ඕන. මිනිස්සු හිතන් ඉන්නේ රජයෙන් ඔක්කොම කරන්න ඕන කියල.

:       219       1093

Susil Wednesday, 26 July 2017 05:59 AM

ඔන්න ඔහොමයි වෙන්න ඕනෙ..

:       16       471

චානක Wednesday, 26 July 2017 06:05 AM

වරාය, රෝහල් සහ ප්‍රවාහනයත් හමුදාව අතට ගන්න

:       247       482

ase Wednesday, 26 July 2017 06:21 AM

නියමයි, ඔහොම තමයි කරන්න තියෙන්නේ...

:       49       93

Manoj Wednesday, 26 July 2017 06:39 AM

"මේ අතර තෙල් සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය ගැන සිතා වහා සේවයට වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බව..." ඉල්ලීමක් වෙන්න හොඳ නෑ මේක නියෝගයක් විය යුතුයි.

:       2       1

tkoon Wednesday, 26 July 2017 06:44 AM

හමුදා පාලනය දැන් ඇරඹෙයි.

:       4       1

don Wednesday, 26 July 2017 06:44 AM

ආණ්ඩුවට ඕනෑ විදියටද වැඩ කරන්නේ... මේ තීරණය වැරදියි. මේ ඉල්ලීම මොකද්ද කියලා සොයා බලන්න ඕන. ලංකාවේ මිනිස්සුන්ට වුවමනා දේ වෙනවා එච්චරයි බලන්නේ...

:       0       1

uddika Wednesday, 26 July 2017 07:13 AM

ඇත්තටම හොද වැඩක්. මොකද මේ ආණ්ඩුවට චන්ද දීපු මිනිස්සු දන්නවා මේ අයගේ වැඩ පිළිවෙල පුද්ගලීකරණය කියලා. ඉතින් බහුතරයක් ජනතාව ඒකට කැමති. ඒ නිසා දැන් කරන්න ඕන ආණ්ඩුවට සහයෝගයදී වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යාමයි. නැතුව වර්ජනය කරන එක නෙමෙයි. ඒනිසා ආණ්ඩුව කෙලින් තීන්දු තීරණ අරගෙන මහජනතාව අපහසුතාවයට පත් නොකර වැඩ කරන්න ඕන කෙලින්. මොකද ආණ්ඩුවේ වැඩපිළිවෙලට බහුතර ජනතාවක් කැමති නිසා තමා ආණ්ඩුව පත් වුනේ

:       24       34

sam Wednesday, 26 July 2017 07:19 AM

රජයේ අනිකුත් මණ්ඩල සහ සංස්ථා වලට සාපේක්ෂව ඉහලම වැටුප් හා දීමනා ලබන්නේ විදුලි බල මණ්ඩලය සහ තෙල් සේවකයෝයි. හැම රජයක්ම මේගොල්ලෝ කියන පදේට නටන තැනට වැඩ සිද්ධකර ගත්තා.

:       1       4

kasun Wednesday, 26 July 2017 07:22 AM

ඉතා හොඳයි. ඔහොම තමයි කරන්න ඕනේ. දැන්වත් ඔබේ බලතල භාවිත කිරීම ගැන ජනාධිපතිතුමාට ප්‍රණාමය

:       1       6

මිණිරුවන් Wednesday, 26 July 2017 07:25 AM

ජනතාවට ඉතාමත් සුබවාදී තීරණයක්. ඉතාමත් හොඳයි. මහ ජනතාවට පීඩාකාරී නොවන ක්‍රියාමාර්ග ගෙන මෙවැනි පටු අරමුණු නිෂ්ඵල කිරීමට කටයුතු කිරීම අගය කරමි.

:       1       20

ජගත් Wednesday, 26 July 2017 07:52 AM

කරන්න පුලුවන් දෙයක්නේ කරන්න ඕනේ. හමුදාවේ මිනිස්සු පොඩ්ඩක් හිතන්න ඕනේ ඔය කියන කියන දේ කරන්න යන්න කලින්. මේකෙන් වෙන්නේ තව සතියකට විතර හැමෝටම තෙල් නැති වෙන එක. පාලකයින් දැන ගන්න ඕනේ රටක් විනාශ කරද්දි බුද්ධිමත් ජනතාව නිකන් ඉන්නේ නැහැ කියලා නිවට මිනිසුන් ආණ්ඩුවේ වැරදි වලට ගුණ කිව්වට.....

:       164       626

මම1Wednesday, 26 July 2017 08:47 AM

බිලියන 190 ක ණයක් යටකරලා හදල අද වෙනකොට බිලියන 47 ක් පාඩු වෙලා තියෙන හම්බන්තොට විකුණන්නේ නැතුව දුම් අල්ල අල්ල තියාගෙන ඉන්න ඕනෙද? රජයේ ප්‍රතිපත්ති වලට විරුද්ධ වෙන්න පුළුවන් මහජනයාට, සේවකයන්ට නෙවෙයි. තෙල්, වරාය, දොස්තරලා ස්ට්‍රයික් කරවල ආයිමත් රජ පවුල ගේන්නයි හදන්නේ...

:       0       0

duminda Wednesday, 26 July 2017 07:53 AM

කළ යුතු හොඳම දේ .... රෝහල් පාලනයත් හමුදාවට දෙන්න ඕනෑ..

:       38       4

ජගත් දිසානායක Wednesday, 26 July 2017 08:00 AM

රටක බලශක්තිය සහ පිවිසුම් දොරටු වන වරාය සහ ගුවන් තොටුපොල යන ඒවායේ පාලනය කිසි විටෙක වෙනත් රටවල බලපෑම්වලට යටත් නොකල යුතුයි. රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සුරක්ෂිතතාව පවත්වාගන්නට මේ මර්මස්ථාන ඉතා වැදගත්.. යුද්ධ කාලේ පාර්ලිමේන්තුවටත් වඩා තෙල් ගබඩා සංකීර්ණ විදුලි බලාගාර ආදියට කොටි තර්ජන එල්ල වුණේ ඒ උපායමාර්ගික වැදගත්කම නිසා...මේ ආයතන හුදෙක් රජයට ආදායම් ලබා දෙන ව්‍යාපාර වලට එහා ගිය දේවල්. ඒවගේම ප්‍රශ්නවලට විසඳුම හොයන්නේ නැතුව ආයුධ සන්නද්ධ හමුදා විසින් සිවිල් සේවා පවත්වාගෙන යන එක යහපත් තත්වයක් නෙවෙයි. ඒක සුපිරි කියලා හිතන අයගේ නොදැනුවත්කම ගැන කණගාටුයි. මධ්‍යස්ත මත දරන අයගේ කැපවීමෙන් බිහිවුණ මේ ආණ්ඩුව එයාලා අතින්ම තමන්ගේ බෙල්ල හිර කරගන්නයි හදන්නේ....

:       107       1505

rejee Wednesday, 26 July 2017 08:12 AM

අති විශිෂ්ටයි

:       10       1

Rathupaswala Ranja Wednesday, 26 July 2017 08:25 AM

පරිස්සමට රතුපස්වල මතකනේ

:       0       1

nimali Wednesday, 26 July 2017 10:43 AM

වැඩ කරන්න බැරි තර්ජන දමන අය පන්නා දමා අලුත් අය ගන්න. රටේ ඕනෑතරම් අය ඉන්නවා එන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1533 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1350 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site