(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්න ඇල ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථ දෙකක් ගැටීමෙන් එහි සිටි දරුවන් දෙදෙනෙකු හා කාන්තාවක් ලොග්ගල්ලා ඔය ඇල මාර්ගයට පෙරළියාමෙන් මියගොස් ඇතැයි මහියංගන පොලිසිය පවසයි.
අනතුරට පත්ව ඇත්තේ මීගහකිවුල කරදගහමඩ අල්ලියද්ද ගම්මානයේ පදිංචි එකම පවුලක පිරිසකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ලෝග්ගල්ලා ඔයට වැටුණු පළමු වාහනයත් නොවෙයි. මේ ඔය වේගවත් දිය පහරක් ගලන එකක් කියලා සුප්‍රසිද්දයි, ඒ වගේම ගැඹුරුයි. ඇළ දෙපැත්තේ කොන්ක්‍රීට් බැඳලා, දිය සෙවෙල නිසා ලිස්සීමත් වැඩියි. වැටුනොත් තනිවම ගොඩ ඒම ඉතාම අසීරුයි. ඉතින් මෙහෙම අවදානම් තැනක ආරක්‍ෂක වැටක් ඉඳි නොකරන්නේ ඇයි?