IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ත්‍රස්තවාදය අවසන් වී නැහැ-අගමැති

(හර්ෂණ තුෂාර සිල්වා)
 
රටේ පැවැති යුද ගැටුම් අවසන් වුවත් ත‍්‍රස්තවාදය අවසන් වී නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සෑම රටක්ම මුහුණ දී තිබෙන ත‍්‍රස්තවාදය පිටු දැකීම සඳහා පොදු අරමුණක් සහිතව කලාපීය වශයෙන් ශක්තිමත්ව කටයුතු කළ යුතු බව ද අගමැතිවරයා කියයි.

‘‘ අපට ත‍්‍රස්තවාදය පිළිබඳ දීර්ඝ අත්දැකීමක් තිබෙනවා. වාසනාවකට අපි ආයුද ගැටුම අවසන් කිරීමට සමත්වුණා. යුද්ධය එසේත් නැතිනම් ආයුද සටන් අවසන් වූ පමණින් ත‍්‍රස්තවාදය අවසන් වන්නේ නැහැ. ඒ නිසා අපි කලාපයට ආවේණික දෙයක් කළේ. අපි ප‍්‍රධාන පක්ෂ දෙකේ සහභාගීත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වා.“ යැයි ඒ අගමැතිවරයා ප්‍රකාශ කරයි.

කලාපයේ රටවල් අතරේ ශක්තිමත් ද්විපාර්ශවීක සබඳතා ඇති කරගන්න අතරේම කලාපයෙන් පිටත රටවල් සමඟ ශක්තිමත් ද්විපාර්ශවීක සබඳතා ඇති කරගත යුතු බවත් ඉදිරියට යා හැකි එකම මඟ එය බවත් අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදි පෙන්වා දුන්නේය.

කොළඹ ගාලූමුවදොර හෝටලයේ දී අද (13) පැවැති කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංවිධානයේ අභ්‍යන්තර/ස්වදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 8 වැනි වාර්ෂික සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් අග‍්‍රමාත්‍යවරයා මේ බව පැවැසීය.


(ඡායාරූප-ඉෂාන් සංජීව)



අදහස් (2)

ත්‍රස්තවාදය අවසන් වී නැහැ-අගමැති

kumara Thursday, 13 July 2017 10:22 AM

ත්‍රස්තවාදය අවසන් වී නැහැ. ඒ නිසා තමයි ත්‍රස්තවාදීන්ගේ ඉල්ලීම් ලබා දීලා ත්‍රස්තවාදය සදහටම අවසන් කරන්න හදන්නේ. ආසියාවේ හොඳම මොලය කියනනේ ඒ නිසයි.

:       69       53

ධම්ම Thursday, 13 July 2017 12:03 PM

දඹුල්ලේ වගේ පන්සල් ටික වැහුවා නම් ඔය ප්‍රශ්නේ හිතින් අයින් කරගන්න පුළුවන්

:       85       49

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site