එංගලන්ත අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ සමිපතම උපදේශකයන් වූ නික් තිමති සහ ෆියෝනා හිල් අද සිය තනතුරු වලින් ඉවත් වූහ. ඔවුන් දෙදෙනාගේ ඉවත් වීම සිදුවූයේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගැනීමට තෙරේසා මේ මහත්මිය අසමත් වූ හෙයිනි.
තෙරේසා මේ මහත්මිය විසින් නික් තිමති මහතා හඳුන්වන ලද්දේ මාණ්ඩලික ප්‍රධානියා ලෙසිනි.
“මේ බලාපොරොත්තු කඩවුණ තීරණයට (මැතිවරණයේ බහුතර ආසන සංඛ්‍යාව අහිමි වීම) හේතුව කොන්සර්වැටිව් පක්ෂයටත් තේරේසාටත් තිබුණ සහයෝගය නැතිවීම නෙමෙයි. කම්කරු පක්ෂයට හදිසියේම ලැබුණු සහයෝගයයි“ යයි නික් තිමති මහතා කොන්සර්වැටිව් පක්ෂ වෙබ් අඩවියේ සටහනක් තබා තිබිණ.
“මේ ඡන්දයේදී මගේ කාර්යභාරය සම්බන්ධයෙන් මා වගකීම බාරගන්නවා. එය අපගේ ප්‍රතිපත්ති පිළිබඳ තරමක නොසලකා හැරීමක්. විශේෂයෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන මා ගත් තීරණය පිළිබඳ කණගාටු වෙනවා“ යයිද නික් තිමති මහතා පවසා තිබිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය නැති දවසට, හැමෝම තනිවෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය...
ශ්‍රී ලංකාවත් මේවගේ වගකීම බාරගන්නා දේශපාලකයන්ගෙන් පිරිලා ඉතිරිලා ගිය රටක්....
අන්න ඒකට අපේ මිනිස්සු... දුම්මල ගහලාවත් එලවන්න බෑ.