ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට ඉන්දියාව එකඟ වී ඇතැයිද, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල ඉන්දියාවට අවශ්‍ය තෙල් ගබඩා කිරීමට අවස්ථාව දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියට එක්වෙමිනි.
තෙල් ගබඩා කිරීමට ඉන්දියාවට අවස්ථාව ලබාදීමෙන් ගබඩා ගාස්තු මෙන්ම වාසි ලැබෙන බවද අගමැතිවරයා පැවසීය.
“රාජපක්ෂ පිරිස සිතුවේ අප අතින් ආර්ථිකය කඩා වැටෙයි කියලා. 2016දී බලයට එන්න පුළුවන් වෙයි කියලා. දැන් කියනවා වෙසක් පෝය දෙකකින් එනවා කියලා.....මම කියන්නේ වෙසක් පෝය ශතවර්ෂ දෙකකින්වත් එන්නේ නැහැ.“යැයි අගමැතිවරයා පැවසීය.
“යුද්ධයෙන් පස්සේ රට දියුණු කරන්න රාජපක්ෂ ආණ්ඩුවට වසර පහක් තිබුණා. යුද්ධයෙන් බැට කෑ තරුණ තරුණියන්ට අනාගතයක් හදන්න. ඒ වෙනුවට ඔවුන් කළේ රටේ ආර්ථිකය කඩා වට්ටපු එක. ....“
“මේ අවුරුද්දේ මා ඉල්ලීමක් කරනවා. අපි දැන් සංවර්ධනය පටන් ගන්න හදන්නේ .ඒකට උදව් කරන්න.“ යයි කී අගමැති වික්‍රමසිංහ මහතා ජපානය හා ඉන්දියාව සමග මෙරට ව්‍යාපෘති රැසක් කිරීමට සූදානම් බවද පැවසීය.
2017.05.01 වන දින බොරැල්ල, කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ මැයි රැළියේ දී
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ කතාව
එක්සත් ජාතික පෙරමුණේ මැයි රැළිය සඳහා පසුගිය වසරටත් වඩා අති විශාල ජන ගඟක් සහභාගි වී සිටිනවා. ඒ වගේම පක්‍ෂ විශාල ප්‍රමාණයක් අප සමග මේ මැයි දිනයේ දී අත්වැල් බැඳගෙන සිටිනවා. මෙහි පැමිණි විට සංදර්ශන රථ කිහිපයක්ම මා දුටුවා. පුංචි බොරැල්ල ආසන්නයේ පෙළපාලිය නිරීක්‍ෂණය කරද්දී මා ඒ රථ දුටුවේ සවස 4.00 ට පමණ. ඒ රථ පිටියට ළඟ වෙන්නේ දැනුයි. එතැන සිට මෙතැනට එන්නට පැය එකහමාරක පමණ කාලයක් ගත වී තිබෙනවා. අපගේ රැළියට එක්රොක් වූ ජනකායේ ප්‍රමාණය එයින්ම අවබෝධ කර ගත හැකියි.
මේ සෙනග දුටු විට අප ඕනෑම මැතිවරණයකට, අභියෝගයකට ඕනෑම මොහොතක සූදානම් බව කිව යුතුයි. රාජපක්‍ෂ පාලනය පරදා වරමක් ලබා ගැනීමට 2015 වසරේ දී අපි තීරණය කළා. ඒ සඳහා අප සමග පක්‍ෂ ගණනාවක් අත්වැල් බැඳ ගත්තා. පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා අප අත්වැල් බැඳ ගත්තා. ඒ අනුව අප විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. අනතුරුව ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවූවා. ඒ ජාතික ආණ්ඩුවට වසර දෙකක් ගත වී තිබෙනවා.
2016 වසරේ මැයි රැළියේ දී දේශපාලන පළිගැනීම්වලට සහන ලබාදීම, රැකියා ලබාදීම ආදියට වසරක කාලයක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා. මුලින්ම ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ අවශ්‍යතාවය තිබුණා. රාජපක්‍ෂ ඡන්දයක් පැවැත්වූයේ ඔහුට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි වූ නිසයි. ඡන්දය පවත්වා ඉන් ජයග්‍රහණය කොට මෙරට තවත් මර්දනයක් ඇති කිරීම රාජපක්‍ෂ රෙජීමයේ අරමුණ වුණා.
වසරක් ඇතුළත කඩා වැටුණු ආර්ථිකය ස්ථාවර කිරීමට අපට හැකි වුණා. ඒ වැඩ කටයුත්ත කරන්නට නොහැකි වේවි යැයි රාජපක්‍ෂලා කල්පනා කළා. එවිට නැවත බලයට පැමිණීම ඔවුන්ගේ සිහිනය වුණා. රාජපක්‍ෂලා බලාපොරොත්තු වන වෙසක් පොහොය ශත වර්ෂ දෙකක් ගතවුණත් උදා නොවන බව දැන් හොදින්ම පෙනෙන්නට තිබෙනවා.
වසර ගණනාවක් විපක්‍ෂයේ සිට බලයට පැමිණි පසුව අපේ පාක්‍ෂිකයන් ක්‍ෂණික විසදුම් බලාපොරොත්තු වුණා. අප ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැති නම් ඊළඟ වසර හතරේ දී ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට හැකියාව ලැබෙන්නේ නැහැ.
මේ වසරේ දී මා ජනතාවගෙන් තවත් ඉල්ලීමක් කරනවා. දැන් අපේ සංවර්ධනය ආරම්භ කරනවා. ඊට ඔබේ සහයෝගය ලබා දෙන්න. අප මුදල් උපයා ණය ගෙවිය යුතුයි. රැකියා උත්පාදනය කළ යුතුයි. ජනතාවගේ ආදායම් වැඩි කළ යුතුයි.
මට පෙර කතා කළ පක්‍ෂ නායකවරුන් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හොදින් පැහැදිලි කළා. මහින්ද රාජපක්‍ෂට රට සංවර්ධනය කිරීම සඳහා යුද්ධයෙන් පසුව වසර 5 ක කාලයක් තිබුණා. යුද්ධය වෙනුවෙන් දුක් විදි තරුණ තරුණියන්ට අනාගතයක් ලබාදිය යුතුව තිබුණා. නමුත් එය කළේ නැහැ. ඒ වෙනුවට රටේ ආර්ථිකය විනාශ කළා. රටේ නිදහස අහිමි කළා. අප රට බාර ගත්තේ ඒ වැඩ කටයුත්ත සඳහායි.
මේ රට දියුණු වුවහොත් අපනයන ආදායම වර්ධනය කර ගත හැකියි. 1977 වසරේ දී ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ජනතාව අතට මුදල් ලබාදීමටයි. අපනයන ආදායම වැඩි කිරීමටයි. ජනතාව ශක්තිමත් කිරීම සඳහායි. නමුත් යුද්ධය නිසා අපට පසු බැසීමට සිදු වුණා. යුද්ධයෙන් පසුව ඉදිරියට යන ගමනේ දී අප අපනයන වෙළෙඳපොළ සොයා ගත යුතුයි. 2003 වසරේ මා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී යුරෝපා වෙළෙඳපොළ සමග සාකච්ඡා කළා. ආණ්ඩුව මාරු වුණත් චන්ඬිකා කුමාරතුංග ජනාධිපතිනිය ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන ගියා. ඒ අනුව අපට ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය හිමි වුණා. මහින්ද රාජපක්‍ෂ පාලනය එම ජී.එස්.පී. ප්ලස් සහනයත් නැති කර ගත්තා. රටට ලැබෙන ආදායම නැති කර ගත්තා. අපනයන වෙළෙඳ පොළ නැති කළා. කර්මාන්ත ශාලා වසා දැමුවා.
යහපාලන රජය යටතේ මීට සතියකට පෙර ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය නැවත ලබා ගැනීමට හැකියාව ලැබුණා. නැවත කර්මාන්ත ශාලා ආරම්භ කරන්නට හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙන බව ආඩම්බරයෙන් කිව හැකියි. ඒ සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය ලැබුණා. අප දැන් ශ්‍රී ලාංකික සහජීවනය ඇති කර තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබීමෙන් පසු භාණ්ඩ 6600 ක් යුරෝපයට අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. ඇඟලූම් කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වැඩි කිරීම පමණක් නොව, නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා.
අපනයන ආදායම දෙගුණයක් බවට පත් කිරීම අපේ අරමුණයි. රාජපක්‍ෂ රෙජීමය අපට බාර දුන් අභියෝගය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. 2018 වසරේ අපට ගෙවීමට ඇති රුපියල් ණය ප්‍රමාණය කොතෙක්දැයි ඔබ දන්නවාද? 2018 දී රුපියල් කෝටි 96000 ක් ණය ගෙවන්නට තිබෙනවා. 2020 වසර වන විට විදේශ ණය ඩොලර් කෝටි 1500 ක් ගෙවිය යුතුව තිබෙනවා. ජනතාවට බරක් නොවන පරිදි මේ ණය ගෙවා දැමීම අපේ අරමුණයි.
ණය ගෙවන අතරතුර අප අලූත් කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි. අලූත් හෝටල් ඇති කළ යුතුයි. තරුණ තරුණියන්ට රැකියා ලබා දිය යුතුයි. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලබා ගැනීමත් සමග රටේ අපනයන ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. වර්තමානයේ දී අපේ තරුණ තරුණියන් කොරියාව, ජපානය ආදී රටවල රැකියාවලට යනවා. එම රටවල පවතින්නේ අපනයන ආර්ථිකයක්. ශ්‍රී ලංකාවටත් ආයෝජකයන් ගෙන ඒමට අපට හැකියාව තිබිය යුතුයි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් ගෙන්වා ගෙන කර්මාන්ත ශාලා, හෝටල් ආරම්භ කළ යුතුයි.
අප මීට වඩා තරගකාරී විය යුතුයි. නිෂ්පාදනය වැඩි කළ යුතුයි. ලාභය වැඩි වූ විට එහි ලාභය හාම්පුතුන්ට පමණක් සීමා කළ නොහැකියි. එම ලාභයෙන් කොටසක් වැඩ කරන ජනතාවටත් ලබා දිය යුතුයි. අපේ ඉලක්කයක් තිබෙනවා. ඒ වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීමයි. ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීම අපේ ඉලක්කයයි.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක සහ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අරමුණක්. එවිට මෙරට ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. වරාය මෙන්ම ගුවන් තොටුපොළ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. පණිවුඩ හුවමාරු ෙක්‍ෂ්ත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. අප මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නේ ඒ විශාල දියුණුව ඉදිරියට ගෙන යාම සඳහායි.
අප කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කළා. පන්නල මාස් ඇඟලූම් කර්මාන්ත ශාලාව ඇරැඹුවා. කොග්ගල කර්මාන්ත ශාලා ඇරැඹුවා. අද වන විට කර්මාන්ත ශාලා සහ හෝටල් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබීම නිසා අලූතින් කර්මාන්ත ශාලා බිහි කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.
අප ජපානය සමග ව්‍යපෘති රැසක් ආරම්භ කිරීමට එකඟ වී තිබෙනවා. කොළඹවරාය දියුණු කිරීම, කොළඹවර්තමානයේ පවතින වරායට උතුරින් තවත් අලූත් වරායක් ඇරැඹිම, බස්නාහිර මහ නගර වැඩසටහන සඳහා සහාය දැක්වීම ආදියට ජපානය අප සමග එකඟ වී තිබෙනවා. මහනුවර නගරය දියුණු කිරීම, සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීම, නවීන කෘෂි ආර්ථිකය හඳුන්වා දීම සඳහාත් ජපානය එකඟ වී සිටිනවා. ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට මෙන්ම අලූත් ව්‍යාපෘති සඳහා ද, රූපවාහිනී සේවා ඩිජිටල්කරණය සඳහා ද ජපානයේ සහාය ලැබෙනවා. කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරයක් මේ වසරේ දී ආරම්භ කිරීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. මසක් ඇතුළත ඉන්දියාව සහ ජපානය එක්ව එල්.එන්.ජී. විදුලි බලාගාර දෙකක් ඇරැඹිමට නියමිතයි.
ඉන්දියාව අපත් එක්ක එකට එකතු වෙලා ත්‍රිකුණාමලය වරාය දියුණු කරන්නත් ඒවායේ අයෝජනය කරන්නත් උදව් කරනා බව ප්‍රකාශ කලා. ඔවුන් ඒ අයෝජකයන්ට කියනවා ත්‍රිකුණාමලයට එන්න කියලා. අපි සිංගප්පූරුව සමග ත්‍රිකුණාමලය දියුණු කිරීමේ සැලැස්ම සකස් කරමින් සිටිනවා. කර්මාන්ත ඇති කරන්න, සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න වගේම කෘෂි කර්මාන්තය දියුනු කරන්න කටයුතු කරනවා.
ඒ වගේම ඉන්දියාවට අවශ්‍ය වන ඉන්ධන ගබඩා කරන්න පහසුකම් අප ත්‍රිකුණාමලයෙන් ලබා දෙනවා. ඊළග අවුරුදු පනහේදි ඉන්දියාව දියුණු වෙන්න දියුණු වෙන්න ඔවුන්ට විශාල වශයෙන් ඛනිජ තෙල් ඉල්ලූමක් ඇති වෙනවා. ඒ තෙල් ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් ඔවුන්ට නැහැ. ලංකාවේ ගබඩා කරලා ඉන්දියාවට දුන්නාම අපට ගබඩා ගාස්තු හම්බවෙනවා වගේම ඒ වෙනුවෙන් මුල්‍ය ලාබයක්ද අපට හිමි වෙනවා.
මෙය තෙල් සංස්ථාව හා ඉන්දියානු සමාගමයි එකට එකතු වෙලා කරන වැඩක්. පළමු වතාවට තෙල් සංස්ථාවට ඉන්දියානු වෙළෙද පොලට ඇතුළු විමේ මාර්ගයක් මෙමගින් අපි ඇති කරනවා. අප හදන්නේ රාජපක්‍ෂලා මෙන් තෙල් සංස්ථාව නැති කරන්න නෙවෙයි. දියණු කරන්නයි. වැඩි ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්නයි. ඉතින් මේකට විරුද්ධ වෙන්නේ කව්ද...? අපි බලන්නේ තෙල් ටැංකි වලින් ප්‍රයෝජනයක් අරගෙන ත්‍රිකුණාමලයේ දියුණුව මගින් එහි වෙසෙන තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්නයි.
ඒත් සමඟම සාම්පූර්වල තාප විදුලි බලාගාරයක් ඉදි කර, බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරන්න අපේක්ෂා කරනවා. උතුරේත් ඒ වගේම උඩරටත් නිවාස ඉදි කරන්න ආධාර කරන්න එකඟ වෙලා තියෙනවා. ත්‍රිකුණාමලය වෙළෙද කලාපයක් ආරම්භ කරන්නත් දකුණේ තව වෙළෙද කලාපයක් ආරම්භ කරන්නත් ඉන්දියන් ආයෝජකයන් හොයලා දෙනවා කියලා අපිට ඉන්දියන් ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා. ඉන්දියානු සංචාරකයන් ලංකාවට එවලා ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් ඉන්දියාවේ අයෝජකයන් ලංකාවේ හෝටල් ඉදිකරලා එන සංචාරකයන් අවශ්‍ය පහසුකම් සපයන්නත් එකඟ වෙලා තියෙනවා.
යාපනය, මන්නාරම, වව්නියාව, ත්‍රිකුණාමලය, දඹුල්ල එකතු කරන මහා අධිවේගි මාර්ගයක් ඇති කරන්නත් ඒ අය එකඟ වෙලා තියෙනවා. දුම්රිය සේවය නවීකරණය කර කන්ටේනර් අංගනවල අයෝජනය කිරිමට මෙන්ම කෘෂි කර්ම හා සත්ව නිෂ්පාදනය, ජලකළමනාකරණය ආදි ක්ෂේත්‍ර ගණනාවක් සංවර්ධනය කරන්නත් ඉන්දියාවේ සහාය අපට ලැබෙනනවා. මේ අපි මේ මාසය තුළ කළ දේවලින් බිදක් පමණයි.
ජි.එස්.පි ප්ලස් වගේම ජපානය ඉන්දියාවෙන් ලැබෙන අයෝජන ගැන මම කිව්වේ නිල වශයෙන් තියෙන ඒවා ගැන පමණයි. තව සාකච්ඡා කරන කරුණු කාරනා රාශියක් තියෙනවා. ඒ ගැන මම දැන්ම කියන්න යන්නේ නැහැ. ඒවා මොනවාද කොහොමද කරන්නේ කියන කාරණය මම ලබන වසරේදි කියන්නම්. හම්බන්තොට වරාය අපි චිනයත් සමඟ එකට එකතු වෙලා දියුණු කරනවා. වරායේ ඉඩම් අයිතිය තියෙන්නේ අපටයි. චින සමාගමයි වරාය අධිකරියයි එකට එක්ව හම්බන්තොට වරාය දියුණු කරනවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ගත් ණය ඔහු ගෙව්වේ නැහැ. හම්බන්තොට සංවර්ධන කලාප දියුණු විමත් සමඟ අපට ඒ ණය සියල්ල ගෙවා අවසන් කිරිමේ හැකියාව ලැබෙනවා. හම්බන්තොට වරාය ගිවිසුම අනුව චීන සමාගමෙන් අපට ඩොලර් කෝටි 100 ක් ලැබෙනවා. එමගින් අපේ ණය අඩු වෙනවා. මේ අයෝජනයන් බාර ගන්නවාද? එසේත් නැතිනම් ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි කරගන්නවාද?
මේ වරාය දියුණු වුනාම වරාය ආශ්‍රිතව අයෝජන කලාප ඇති වෙනවා. චින අෙයෝජකයන් එයට එනවා. සිංගප්පූරු අයෝජකයන් එනවා. හම්බන්තොට ප්‍රදේශය කර්මාන්ත පුරයක් වෙනවා. සිංගප්පූරුව වයඹවෙළෙද කලාපයක් ඇති කරන්න අපත් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. අපි කදුකරයේද වෙළෙද කලාපයක් ඇති කරන්න තායි සමාගමක් සමඟ සාකච්ඡා කර තිබෙනවා. අපි ගාලූ දිස්ත්‍රික්කයේ අක්කර 1000 ක සංචාරක කලාපයක් හදන්නත් සැලසුම් කර තිබෙනවා.
මාතර වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන අතර මහනුවරත් විශාල දියුණුවකට ගෙන යනවා. මේ සියල්ල මාස හයක් තුළ කළ දේ පමණයි. මෙවැනි කාර්යයන් රැසක් කළ වෙන කෙනෙක් ඉන්නවාද කියා මට කියන්න.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ අපි වෙළද කලාප ඇති කලා. ඉන් පසුව විශාල දියුණුවක් ඇති වුනේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ බව මම කියන්න කැමතියි. බස්නාහිර මහ නගර සංවර්ධනය යටතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. උතුරේ ආර්ථිකය දියුණු කරන්නත් ව්‍යාපෘති රැසක් ගෙනවිත් තිබෙනවා. මීට අමතරව රත්නපුර වැනි ප්‍රදේශ දියුණු කරන්නත් සැලසුම් තියෙනවා.
මේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මකවිම මගින් රටේ ණය බර අඩු කොට රට සංවර්ධනය කරා ගෙන යා හැකියි. මේ ආණ්ඩුවේ වෙනස ආයෝජකයන් ගෙනල්ලා රට දියුණු කිරිමයි. මේවා අපිට කරන්න බැරි වෙයි කියලා කියපු අය දැන් ඒවා කරන්න යනකොට බය වෙලා වෙන දේවල් කියන්න පටන් අරගෙන තියෙනවා.
එදා රොෂාන් චානකට වෙඩි තියපු අය, වැලිවේරියේ වෙඩි තියපු අය, අද වෘත්තීය සමිති ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ ඔක්කොම කරන්නේ අපේ ඉදිරි ගමන නවත්වන්නයි. ඔබට රැකියා දෙන එක නවත්වන්නයි. ඒ වගේම ආදායම් වැඩි කරන එක නවත්වන්නයි. රටේ සංවර්ධනය කඩාකප්පල් කරන්නයි. ඒකට අපි ඉඩ දෙන්නේ නැති බව මා මෙතනදි ප්‍රකාශ කරනවා. කව්රු හරි කියනවා නම් ඒ ගැන අපි කතා කරන්න ලැහැස්තියි. නමුත් කව්රු හරි රටේ ඉදිරි ගමන නවත්වන්න හදනවා නම් අපි නිකම්ම වාඩිවෙලා ඉන්නේ නෑ.
එක්සත් ජාතික පෙරමුණ ඉදිරියට ඇවිත් රට ආරක්ෂා කරනවා. අපි රටේ දියුණුව ගැන කතා කරනවා. අපි සටන රට ඉදිරියට ගෙන යනවා. ජනතාවට මේ ගැන කියනවා. ඔවුන් මේ සටනට එක් කර ගන්නවා. අද ඉදන් අපි ඉදිරියට යනවා ආපසු පස්සට යන්නේ නැහැ.
අපි රට සංවර්ධනය කරලා ඔබේ අනාගතය සුරක්ෂිත කරලා, බලගතු ශ්‍රී ලංකාවක් බිහි කරනවා. ඒ අනුව 2020 වසරේදිත් අපට ප්‍රබල ජනවරමක් ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගි වීමට පැමිණි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ගාලු මුවදො
ශ්රී ලංකාව බෙදීමට ලක්කෙරෙන ආකාරයේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඊට විරුද්ධව සටන් කිරීමට සූදානම් බවත් කුරුණෑගල දිස්ත්‍රික් ප
ශ්රී ලංකාව ප්‍රෞඩත්වයෙන් යුත් රටක් වුවද වසර 70 ක් පුරා එය පාලනය කළ පාලකයන් අද වන විට ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත, දීනත්වයට පත්කළ ජනතාවක් සිටින රටක් බවට පත
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ත්‍රිකුණාමලයේ ටැංකිවල ඉන්දියාවේ තෙල් ගබඩා කරනවා - අගමැති රනිල්
suneth Hemantha Monday, 01 May 2017 02:45 PM
අනේ දෙයියනේ,දැන්ද සංවර්දනය පටන් ගන්න යන්නේ. ඕක කියන්නම අවරුදු දෙකක් ගියා.
thushara Monday, 01 May 2017 03:04 PM
ඔබතුමා ඉතින් මගේ රටේ තියෙන දේවල් විකුණන්න දක්ෂ බවයි පේන්නේ...
Lanka PereraMonday, 01 May 2017 04:39 PM
කුලියට දෙන එකෙයි , විකුණන එකෙයි වෙනස තේරෙන්නෙම නැද්ද?
athuraTuesday, 02 May 2017 03:29 AM
ඔය කියන්නේ මේ ටැංකි ටික කපලා යකඩ වලට විකුනන්න කියලද?
wasantha Monday, 01 May 2017 03:37 PM
ඉතා හොඳ වැඩක්... කව්රු හරි වැඩක් ගන්න.. ඕන අදායමක් ලබන්න පුළුවන්..
Sena Monday, 01 May 2017 03:39 PM
ඔය පේන්නේ බලල මල්ලෙන් එළියටම...
dias Monday, 01 May 2017 04:01 PM
ඔබතුමා ඉක්මනින් ක්‍රියාකර රැකියා ලක්ෂ 10 හදන්න ඕනේ. මේ වගේම අලුත් අධිවේගී මාර්ගය පෙන්වන්න. කුණු ප්‍රශ්නයට විසඳුම් දෙන්න. රටේ විනයක් ඇති කරන්න. අවුරුදු 2 කට අලුත් වාහන මන්ත්‍රී වරුන්ට දෙන්න එපා. ඔබත් අපත් දිනුම් එතකොට...
චන්ද්‍ර Monday, 01 May 2017 04:05 PM
සංවර්ධනය පටන් ගන්න අවුරුදු දෙකකට වැඩිය ගියා නම් හිතාගත හැකි සංවර්ධනයේ තරම.
shantha Monday, 01 May 2017 04:27 PM
ඔබ තුමා අද ගාලු මුවදොර පැත්තේ ගියානම් දැක ගන්න තිබුනා මේ රටේ වැඩි ජනතාවක් ඔබ තුමාගේ ඔය වැනි ප්‍රතිපත්ති වලට විරුද්ධයි කියල.
Jayampathi Monday, 01 May 2017 04:31 PM
ඔබ තුමා ගැන හරි ආඩම්බරයක් දැනෙනවා නැවතත් වාර්තාවක් මෙතරම් ඉක්මනින් තබන්න යන එක ගැන හිතුනම.
Amal Monday, 01 May 2017 04:33 PM
අපගේ තෙල් ටැංකි අවුරුදු 50 කට ඉන්දියාවට දුන්නම ඉදිරි කාලයේ ඉන්දියාවේ බලය සම්පූර්ණයෙන්ම ත්‍රිකුණාමලයේ ව්‍යාප්ත වෙන බව ඔබතුමාට තේරුම් ගන්න අපහසු ඇයි
Chandana Monday, 01 May 2017 04:35 PM
ඔබගේ කතාව ඉහල අගයකින් යුක්තයි. නව ලොව දැක්ම සමග රට දියුණු කරන්න. සුබ පැතුම්!
lalith Monday, 01 May 2017 08:48 PM
මොනවද වැසි? එහෙනුත් උපාධියක් දෙනවා කිව්වද? බලාගෙන එහෙ වැඩියෙන් තියෙන්නේ උපාධි කඩ? කොහොම උනත් අපේ කට්ටිය මදුරුවෙක් කාපු ගමන් වැඩ වර්ජනය කරලා රටටම තෙල් නවත්වන හින්ද එහෙම එකක් තියෙන එකත් හොඳයි.
sathyayaa Monday, 01 May 2017 11:14 PM
හොඳ වෙලාවට බැඳුම් කර සිද්ධියෙන් ශ්‍රී ලංකා රජයට සිදුවුණ පාඩුව පාඩුවක් විතරක් නොවෙයි අපරාධයක් කියලවත් මේ අයට නොසිතෙන එක ලංකාවේම භාග්‍යයක්. 2020 නොවෙයි ඊටත් එහා යන ගමනක් යන්න පුළුවන් කියලා අපටත් හිතෙනවා.
Dhanushka Tuesday, 02 May 2017 02:09 AM
සින්නක්කර පිටින් රට විකුණලත් ආර්ථිකය හදන්න බැරි වුනු පාලකයන්ට කඩේ යන මිනිස්සුන්ට මේ ව්‍යාපෘති වහකදුරු වගේ පෙන්නේ.2000 දී බින්දුවට වැටිලා තිබ්බ ආර්ථිකය ඔබතුමා ගොඩගත්තා.එක අපි දැක්ක.එදා හමුදාව පාවල දෙනවා කියල, හමුදාව දුර්වල කරනවා කියපු පාලකයෝ ඒ හමුදාවෙන්ම කොටි පරද්දුව.ඒ පරද්දල ගෝඨාභය කිවා අපිට ගෙන්න තිබ්බේ bullets විතරයි කියල.මේ වගේ ක්‍රියාවෙන් රටට වැඩක් කරලා පෙන්නපු ඔබතුමාට අයෙත් වරක් මේ " කටු අත්තේ මල් පුබුදුවන්න " හැකි වේවා!
uddika Tuesday, 02 May 2017 02:26 AM
ඇයි ඉන්දියාවේ ඉඩ නැද්ද අපේ රටේ තෙල් ගබඩා කරන්න? එ් වගේම ඕන නම් කොලඹ වරායේ ගබඩා කරන්න පුළුවන්නේ? දැනටමත් අයි ඔ සී එක භාවිතා කරනවනේ ? මොලය කල්පනා කරන්න ඔවුන්ට අවශ්‍ය අපේ භුමිය. අනික සී පී සී එකට පුළුවන්නේ තෙල් ගබඩා කරගෙන ඉන්න ගණන් වැඩි වුනාම පරණ මිලටම ලංකාවේ පාරිභෝගිකයින්ට අලෙවි කරන්න. අනේ මහත්තයෝ ඕවා දෙන්න එපා.
janatha anura Tuesday, 02 May 2017 02:32 AM
චන්දෙට පෙර නොකියූ කතාවක් රහස් ගිවිසුම් වල ප්‍රතිපල, අපි කැමති නැහැ අවශ්‍ය නැහැ ආණ්ඩුව ගෙන යන්න මුදල් නැති නම් චන්දයකට යන්න
Buddhi Tuesday, 02 May 2017 02:38 AM
නිකන් මලකඩ කන ටැංකි ටිකෙන් රටට ආදායමක් වෙනවනම් ඉතාම හොඳයි.
SIRI Tuesday, 02 May 2017 07:07 AM
දැන් සංවර්ධනය පටන් ගන්න හදනවය කියන්නේ, පසුගිය අවු 2 ක කිසිම සංවර්ධනයක් වුනේ නැහැ කියන එකනේ.කරපු එකම දේ පළි ගැනීමයි,ජනතාවට විහිලු සැපයීමයි විතරයි.
RD Tuesday, 02 May 2017 08:42 AM
මේ අවුරුද්දේ මා ඉල්ලීමක් කරනවා. අපි දැන් සංවර්ධනය පටන් ගන්න හදන්නේ .ඒකට උදව් කරන්න.“ ඒ අනුව 2020 වසරේදිත් අපට ප්‍රබල ජනවරමක් ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.