(නිමල කොඩිතුවක්කු)
තැපැල් වර්ජනය හේතුවෙන් මෙතෙක් තරඟ විභාග ගාස්තු ගෙවීමට නොහැකි වූ විභාග අපේක්ෂකයන් සදහා ප‍්‍රදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල වලින් එම මුදල් ගෙවීම සදහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ලංකාදිපයට පැවසීය.
ප‍්‍රදේශීය ලේකම් කාර්යල සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල පවතින මුදල් කවුළු වෙත එම මුදල් ගෙවා රිසිට් පත් ලබා ගත හැකි බවද ඔහු සදහන් කරයි.
මෙයට අමතරව තැපැල් වර්ජනය හේතුවෙන් විභාග සඳහා අවශය ප‍්‍රවේශ පත‍්‍ර නොලැබුණු අපේක්ෂකයන් සදහා විභාග දෙපාර්තමේන්තුව මගින් අදාළ තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩ යොමු කර ඇති බවත් ඒ මහතා සදහන් කළේය.
අදාළ කෙටි පණිවිඩය විභාග පරීක්ෂකවරුන්ට පෙන්වා එම විභාගයන් සදහා පෙනී සිටීමේ අවස්ථාව අපේක්ෂකයන්ට උදා කර ඇති බවද සනත් පූජිත මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ලබනා මේ රටේ සමහර රතු කණ්ඩායම් සේවකයන්ට සිදුවී තිබෙන අසාධාරණකම් වලට මුවාවී ඔවුන් දැඩි ස්ට්‍රයික් වැඩපිළිවෙලවල් සඳහා තල්ලු කරනු ලබනවා. රජය කලට වෙලාවට සේවක ගැටළු විසදනවා නම්, මේ කණ්ඩායම් වලට තම යටි අරමුණු ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. හිඟන්නාට තුවාලය මෙන් මොවුන්ටත්,කොහේහරි තියෙන ප්‍රශ්න පේන්නේ තම පැවැත්ම සඳහා මිස අන් දෙයකට නොවෙයි. සේවක අයිතිවාසිකම් මෙන්ම බදු ගෙවන ජනතාවගේ අයිතිවාසිකම්ද එකසේම සුරක්ෂිත විය යුතුයි. කරුමේ කියන්නේ ඇත්ත ඇති හැටියට නොපෙනෙන සමහර අන්තවාදීන් සිතන්නෙත් අන්තවාදී විදිහටමයි. පසුගිය දිනෙක එක්තරා අන්තවාදී රතු අදහස් දරන්නියක් මා වැනි අය හැඳින්වුයේ " අඳ බාලයන් " ලෙසිනි. ඇත්ත ඇති හැටියට නොපෙනෙන, කාටත් නොවැටහෙන, තම පාණ්ඩිත්වය පෙන්වීමට පමණක් අපබ්‍රංස ලියනා ඔවුන්ම පමණක් " අඳ බාලයන් " නොවන්නේද?