(අකිල බද්දෙවිතාන)
පසුගිය දින දෙක පුරා පැවැති තැපැල් වර්ජනය අද(15) අවසන් කළ බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
ඒ අනුව අද සිට සුපුරුදු පරිදි තැපැල් රාජකාරි සිදුවනු ඇත. එහෙත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් එබැවින් ලබන 26 වැනිදා සිට අඛණ්ඩ වර්ජනයකට සූදානම් වන බවත් එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
වැඩ වර්ජනය පැවැති දින දෙකේ දී දිවයින පුරා තැපැල් මධ්‍යස්ථානවල ලිපි ලක්ෂ ගණනක් ගොඩගැසී තිබිණි. අද සිට ඒවා බෙදාහැරීම ආරම්භ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd