(ශිරාන් රණසිංහ)
ඊ.ටී.අයි ( එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්) තැන්පත්කරුවන් අද (20) බොරැල්ල වෝඩ් පෙදෙස පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වටලා කළබලකාරී ලෙස හැසිරීම පොලිසිය මැදිහත් වී මේ වනවිට විසුරුවා හැර ඇත.
දහසකට අධික ඊ.ටී.අයි තැන්පත්කරුවන් පිරිසක් මෙලෙස ප්‍රධාන කාර්යාලය වටලා රැය පහන් කරන්නට තීරණය කර තිබුණද මේ වන විට එම අදහස අත්හැර දැමූ බව ඊ.ටී.අයි තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ උප සභාපති සුසන්ත අල්මේදා මහතා පැවැසීය.
තැන්පත්කරුවන් 26,000 කට අධික පිරිසක් ඊ.ටී.අයි ආයතනයේ රුපියල් කෝටි 3600 ක පමණ මුදලක් තැන්පත් කර ඇතැයි ද ඒ මහතා පවසයි. මහ බැංකුවේ ලියාපදිංචි වූ මූල්‍ය ආයතනයක් නිසා මෙහි මුදල් තැන්පත් කළ බවත් මහබැංකුව මැදිහත් වී සාධාරණයක් ඉටු කළ යුතු බවත් ඒ මහතා කියා සිටි.
තම මුදල් ආපසු ලැබෙන තුරු සටන අත්නොහරින බවද තැන්පත්කරුවෝ කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට මේ තැන්පත් කරුවන්ගේ මුදල් ආපසු ලබා දීමට මැදිහත් වෙන්න බැරි නම් පොලිසිය මොන බම්බුවකටද දන්නේ නැහැ මේකට මැදිහත් වෙන්නේ...
මේ සමාගම දැන් දුවන්නේ තැන්පත්කරුවන්ගේ වියදමෙන් එම වියදම් නවතා එයද තැන්පත්කරුවන්ට ලබාදීමට මහබැංකුව කටයුතු කළයුතුය. තවද තැන්පත්කරුවන්ගේ කෝටිගණනක මුදල්වළින් කොටසක් නිලධාරීන්ට අල්ලස් ලෙස දී මොවුන් රට පැනීමට ඇති අවකාශ වසාදැමිය යුතුය. ඔබසැමට බුදුසරණයි..