IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තන්තිරිමලේ දහම් පාසල් සිසුන්ට නිල ඇඳුම්

(හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට)

‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවට’ සමගාමීව තන්තිරිමලේ ශ්‍රී සංඝමිත්තා ධර්ම විද්‍යාලයේ දහම් සිසු සිසුවියන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ බෙදාදීම විහාරස්ථානයේ තපෝවනය පරිශ්‍රයේදී අද (29) සිදු කෙරිණි. 

‘විජය පුවත්පත් සමාගම මඟින් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී  පහළොස්වැනි වරටත් සංවිධානය කළ ලංකාදීප පොසොන් ආලෝක පූජාවට සමගාමීව දහම් පාසලේ සිසු සිසුවියන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ බෙදා දීම සිදු කෙරුණි. 

තන්තිරිමලේ රජ මහ විහාරවාසී පුංචි හල්මිල්ලෑවේ පඤ්ඤාරතන හිමි පිරිස පංච ශීලයේ පිහිටවූ අතර උන්වහන්සේගේ අනුශාසනාවකින් වැඩසටහන ආරම්භ විය.

නිල ඇඳුම් බෙදාදීමට පෙර ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ආලෝකමත් කිරීම සඳහා වෙසක් පහන් කූඩු නිර්මාණය කළ ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ සිසු සිසුවියන් සියයකට ආසන්න පිරිසකට තිළිණ ප්‍රදානය කිරීම තන්තිරිමලේ රජ මහ විහාරවාසී පුංචි හල්මිල්ලෑවේ පඤ්ඤාරතන හිමි අතින් සිදු කෙරිණි. 

ලංකාදීප පොසොන් ආලෝක පූජාව ආරම්භ කළ 2003 වසරේ සිටම දහම් පාසල් සිසු සිසුවියන්ට නිල ඇඳුම් බෙදාදීම සහ පාසල් උපකරණ බෙදා දීම සිදු කෙරේ.

මෙහිදි ධර්ම විද්‍යාලයේ සිසුන් 244ට සහ සිසුවියන් 276ට දහම් පාසල් නිල ඇඳුම් සහ පාසල් උපකරණ බෙදා දුනි.

නිල ඇඳුම් සහ පාසල් උපකරණ බෙදාදීම විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, අලෙවි කළමනාකරු ගාමිණි පතිරගේ, සහකාර සාමාන්‍යාධිකාරි (වෙළෙඳ) සුජිත් පතිරන්නැහැ, සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලින් නිවුන්හැල්ල,  සහකාර සාමාන්‍යාධිකාරි (ගබඩා) නිමල් වික්‍රමසිංහ, මානව සම්පත් කළමනාකරු තිස්ස කහඳවලආරච්චි සහ ලංකාදීප මාණ්ඩලික වාර්තාකරු අතුල බණ්ඩාර යන මහත්වරුන් අතින් සිදු කෙරුණු ලැබිණි. 

විජය පුවත්පත් සමාගමේ කාර්යමණ්ඩලය, විමලසේන ගමගේ, තන්තිරිමලේ ශ්‍රී සංඝමිත්තා ධර්ම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, මාපියන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ. 

ඡායාරූප - ශාන්ත රත්නායක 



අදහස් (0)

තන්තිරිමලේ දහම් පාසල් සිසුන්ට නිල ඇඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site