අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි තණමල්විල ප‍්‍රාදේශීය සභාවේ හම්බෙගමුව කොට්ඨාසය නියෝජනය කරන එම පෙරමුණේ ප‍්‍රාදේශීය සභික ජගත් සුරනිමල මහතා ස්වාධීනව කටයුතු කිරිමට තීරණය කළ බව පැවසීය.
තණමල්විල ප‍්‍රාදේශීය සභා රැස්වීමේ දී පාලක පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව කීය.
තණමල්විල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් තණමල්විල ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 11 දෙනෙකු සමඟ පැවති සාකච්ඡාවකදී පක්‍ෂයේ මහ ලේකම්වරයා දුන් පොරොන්දුව ඉටු නොවීමත්, වත්මන් සභාපතිවරයා සංවර්ධන අරමුදල් බෙදීමේ දී ඔහුට විරුද්ධ සභිකයන් නොසළකා හැරීමත් නිසා තමන් මෙම තීරණයගත් බව ද ජගත් සුරනිමල මහතා පැවසුවේය.
COMMENTS
මේක ප්‍රවෘත්තියක් වශයෙන් වැදගත්ද?
පොහොට්ටුවේ එදිරිවාදිකම් සියල්ල එලිවෙමින් පවතී. ඊයේ බදුල්ල අද තණමල්විල. රාජපක්ෂ සහෝදරයන් අතර දෝලනය වෙමින් තිබෙන ඒකාබද්ධ විපක්ෂේ දේශපාලනය තුළ සෙස්සන් රූකඩ බවට පත්ව ඇති බව මේජර් අජිත් ප්‍රසන්න කිවේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් දේශපාලන වටපිටාව ගොඩනගා ගැනීමට වියත් මඟ, එළිය වැනි සංවිධාන ගොඩනගාගත් නමුත් ඒවා ආරම්භයේදීම කුණු කූඩයට දමන්නට ඔවුන් අතර සිටින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර වැනි ජ්‍යෙෂ්ඨයින් කටයුතු කළහ. මේ අතරේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසාද බෝම්බයක් අතහැරියේය. එදාම "මේක මේ සිල්ලර වැඩක්. තොග ඒවා තියෙනවා" යනුවෙන් රෝහිත අබේගුණවර්ධනද කිවේය. ජනාධිපති අපේක්ෂකත්වයට වාසුදේව සහ ඩිලාන් යෝජනාකල චමල් රාජපක්ෂ ඊට පහුවදාම පන්සලකදී මහින්ද පාක්ෂිකයින් හූ කියා එලවා ගත්හ. හිට්ලර් සහ හමුදා ජුන්ටා කතාවලින් සල්ලන් වී ඉන්නා ගෝඨාභය 2020 ජනාධිපති වීමට දැඟලු දැඟලිල්ලෙන් ඒකාබද්ධයේ අවුල් හෙමින් සීරුවට ප්‍රසිද්ධ වේදිකාවටද ගොඩවී ඇත. හෙට දවස වනවිට ඔවුන් අතරම තවත් තැනකින් මල්ටිබැරල් එල්ලවීමට නියමිතය. එන පොට හිතන තරම්ම හොඳ නැත.