(මුදිතා දයානන්ද)
එදා පරාක‍්‍රමබාහු රජතුමා කුරුඳු වගාකර අපනයනය කර විදේශ විනිමය සොයා පරාක‍්‍රම සමුද්‍රය හැදුවා වගේ අද තිබෙන ණය උගුලෙන් බේරෙන්න නම් කර්මාන්ත බිහිකර අපනයන ආර්ථිකයක් ඇති කළ යුතු යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (6) පැවසීය.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ බියගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
'බියගම වෙළඳ කලාපය ඇති කරන කොට එදාත් සමහරු කිව්වා ඕවා කෙරෙන වැඩ නෙවෙයි කියලා. ඒත් අද බියගම විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. අද අපි මාවතගම, මිල්ලනිය ප‍්‍රදේශවල වෙළඳ කලාප ඇති කරන්න කටයුතු කරමින් ඉන්නවා.
අදත් ඇතැම් අය ඒවා කවදා කෙරෙන වැඩද කියලා අහනවා. ඒත් අපි මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කිරිම වෙනුවෙන් සැලසුම් ක‍්‍රියාත්මක කරගෙන යනවා. අපිට විදේශ විනිමය අවශ්‍යයි. නැත්නම් මේ ණය උගුලෙන් බේරෙන්න බැහැ. පරාක‍්‍රමබාහු රජතුමා පවා විදේශ විනිමය අවශ්‍යතාව දැක්කා. ඒ නිසා තමයි කළුතර ප‍්‍රදේශයේ කුරුඳු වගාකර පිටරට යැව්වේ. පරාක‍්‍රම සමුද්‍රය හැදුවේ ඒ මුදල් යොදවලයි.'
ඡායාරූප - ශාන්ත රත්නායක





COMMENTS
අම්මපා... අපි ඒ ගැන දැනගෙන හිටියේම නැහැ නොවැ.. සුත්තර පුංචා දැන්නම් හොඳම විහිළු සපයන්නන්ගෙන් එක්කෙනෙක් වෙලා.. හා..හා..හොඳා..හොඳා...
එහෙම කළ යුතු බව අපි නම් ඉස්සර ඉඳලාම දැනගෙන හිටියා. දැන්වත් ඔබතුමාට ඒබව වැටහිලා තිබීම සතුටට කරුණක්. අපනයනය කරන්න මොනවා හරි අලුත් යමක් තියෙන්නත් ඕනනේ! බැරිද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න වාචාලයෝ දෙතුන්දෙනාව වත් " ටෝකින් මන්කීස් - මේඩ් ඉන් ශ්‍රී ලංකා " කියලා ලේබල් ගහලා හා පුරා කියලා රට පටවන්න.
ඒ වුණාට 2015 දී කිව්වේ දූෂණය නවතපුවම සංවර්ධන වැඩකරන්න පුළුවන්, ණය ආපසු ගෙවන්න පුළුවන් සහ නොයෙක් දේ.... ඒ විතරක්ද "ලිච්ඡවි පාලනයක් " කරලා පෙන්නනවා කිව්වා. වොක්ස්වැගන් කොම්පැනිය එනවා කිව්වා. දැන් අවුරුදු 3ක් ඉවරයි... මොනවද රටට වූ සෙතේ? රට ආපස්සට ගියා, අහිංසකයින් මරනවා, බැංකු කඩනවා... කෘෂිකර්මාන්තය ඉවරෙටම ඉවරයි.
ණය උගුල කියා කියා හිටියම ලංකාවට එන්න ඉන්න ආයෝජකොත් හැරිලා යනවා. දැන් ඉතින් ජාත්‍යන්තර පත්තර වලත් දාලා ලංකාව ණය උගුලක හිරවෙලා කියලා. මේවට තොරතුරු දෙන්නෙත් අපේම අය තමයි. ඒ දේශපාලන වාසි ගන්න හැබැයි වෙන්නේ මුළු රටටම අවාසියක්. දැන් එයිද ආයෝජකයෝ..
නැහැ. ඔයාගේ යාලුවත් එක්ක හොරකම් කරපු සල්ලි... ඒ ටික ගෙව්වොත් අපි ගොඩ...
අපි හිතාගෙන හිටියේ කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් අපනයනය කරනවා කියලා.
අවුරුදු 70 ක් රට පාලනය කලේ ඔබතුමන්ලා සහ අනෙක් තුමන්ලා. මොනවද අපනයනය සඳහා කළේ? පැරණි වැව් ඔක්කොම රොන් මඩ පිරිලා, බැමි කැඩිලා. තේ, රබර්, පොල් වගාවන් විනාශ වෙලා, ධීවර කර්මාන්තය දේශීය පරිභෝජනය සඳහා හෝ ප්‍රමාණවත් නැහැ. මුළු රටම අඩපණයි. හැමදාම අලුතින් පටන් ගන්න අවශ්‍යයි කියා කියා සිටීම පමණයි වෙන්නේ. ලෝක ප්‍රසිද්ධ අපේ කුළු බඩු නිෂ්පාදනය කඩා වැටිලා. අපේ අම්මලා, අක්කලා මැද පෙරදිග වහල් මෙහෙය සඳහා යැවීම පමණයි සිදුවෙන්නේ.
පොත්වල තියෙන ආර්ථික න්‍යායන් දෙසාබාන්නේ නැතුව වැඩක් කරලා පෙන්නනවද? මේකත් තවත් වොක්ස්වැගන් කොම්පැනියක්ද?
මෙයා කරයි ආර්ථික අපනයනය කටෙන්...
මහා පරාක්‍රමබාහු රජතුමා කුරුඳු වැවුවේ පොළොන්නරුවේද ? එහෙම දෙයක් මම ගිය ඉස්කෝලෙදි ඉගැන්නුවේ නැහැනේ? සමහරවිට එක උගන්වන්නේ රෝයල් එකේද දන්නේ නැහැ.
ඔය ඔක්කොම ණය ගෙවන්න පුළුවන් එක ක්‍රමයක් තියනවා. ඉස්සර වෙලා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 මාස 6ක් ගෙදරට වෙලා ඉන්න එළියට බහින්න එපා. එතකොට ඒ ගොල්ලන්ගේ වාහනවලට, ඉන්න ගෝලයන්ට, පවුලේ අයගේ වියදම් රටේ මිනිසුන්ගේ සල්ලි වලින් යන්නේ නැහැ. රටේ මිනිස්සු තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යයි.
මොනවා කතා කළත් පළාත් සභා ඡන්දයෙන් අන්ත පරාදයි. ජනතාව දන්නවා මඩ ලොරිගණන් ගැහුවත් රාජපක්ෂලාව පරද්දන්න බැරිබව...
අගමැතිතුමා ප්‍රකාශ කලේ පොළොන්නරුව නොවෙයි කළුතර දිස්ත්‍රික්කයයි...