(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති, නාලක සිල්වා මහතාගේ නිල කාමරයට පසුගිය සිකුරාදා සීල් තබා ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල කාමරයට සීල් තැබීමට පෙර එහි තිබූ ලැප්ටොප් පරිගණක දෙකක්ද ඉදිරි විමර්ශන කටයුතු සඳහා රහස් පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (30) පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කුමන්ත්‍රණය කළ බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා රහස් පොලිසියට කළ පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවනු ලැබීය.
මෙම කුමන්ත්‍රණයට අදාල සංවාද පටිගත කෙරුණු ජංගම දුරකථනයක් ද, නාමල් කුමාර මහතා විසින් පරීක්ෂණ සඳහා රහස් පොලිසියට බාරදෙනු ලැබු අතර ඉන් පසුව අධිකරණ නියෝගයක් අනුව රජයේ රස පරීක්ෂකවරයා විසින් නාමල් කුමාර මහතාගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කටහඬ පරීක්ෂා කරනු ලැබීය.
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ සතියේ රහස් පොලිසියට කැඳවා මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට ද නියමිත බව රහස් පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.
නාමල් කුමාර මහතා රහස් පොලිසියට ඉදිරිපත් කළ ජංගම දුරකථනයේ ඇති දත්ත විශ්ලේෂණ වාර්තාවක්ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මීට පෙර අධිකරණයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.
COMMENTS
අස්සයා විතරක් නෙවෙයි ඉස්තාලේටම පැනල යන්න වෙලාව දීල තමයි දොර වහල තියෙන්නේ.
දැන් කාමරයට සීල් තියල මොනවා කරන්නද ? ඔය චෝදනාව කරාට පසුව ඔහු කි දවසක් එම තනතුරේ සිටියද? ඒ කාලය හොදටම ප්‍රමාණවත් සාක්ෂි විනාශ කරන්න.
ගන්න ඕනේ දේවල් එළියට ගන්න කාලය දුන්නානේ දැන් ලාකඩ අලවලාම සීල තියන්න. කුමන්ත්‍රණය අල්ලන්න බාර දීලා තිබෙන්නේ කුමන්ත්‍රණයේ කොටස් කාරයින්ට නම් දොරට මොන සීල දැම්මත් වැඩක් නැත.
දේශපාලන පාතාලය රාජ්‍ය නිලධාරින් බිල්ලට ගැනීමේ තවත් නාටකයක්... නාමල් කුමාර නැමැත්තා මුදලට බොරු වපුරා වැටුප් ලබන්නෙක් බව පැහැදිලි සාක්ෂි තිබියදීත් මොහුව ප්‍රශ්න නොකර සිටින්නේ කුමන බලවත් හස්තයක් නිසාද?
නැහැ නැහැ සීල් තියලා තියෙන්නේ කුලියට දෙයි කියලා බයේ... නැතුව මේ වෙන කිසිදෙයකට නොවෙයි...
මේ දූෂණ විරෝධී බලකාය ආරම්භ කර කොපමණ කාලයක් වෙනවද? මේ දූෂණ විරෝධී බලකාය මගින් වෙනත් දුෂණ සම්බන්දයෙන් අල්ලස් කොමිසමට හෝ එෆ්.සී.අයි.ඩී. යට පැමිණිලි කර තිබෙනවද කියා ජනතාව දැනුවත් කරන්න...
මට නම් පෙනෙන්නේ අවුරුදු 3 1/2ක් දුවපු මෙගා නාටකයේ කොටසක් විදියටයි.. රඟපෑම නම් අන්තිමයි.
අපිත් කොන්ඩේ බැඳපු චීන්නු කියලා හිතන් ඇති. මේ නාමල් කුමාර කොහෙන් මතු වුනාද මේ හදිස්සියේ.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාගේ විස්තර පවසන ලංකා ඊ නිවුස්වල ලියලා තියෙනවා. නාමල් කුමාර ජනාධිපතිගෙන් වැටුප් ලබන සේවකයෙක් කියා... අනේ මන්දා අබුද්ධස්ස කාලේ පැණි වරකා මදුලට හෙන ගහලද..?
පිචන් මහත්තයෝ... යන එනමං නැහැ. මුළු රටම අවදියෙන්
අර්ජුන මහේන්ද්‍රන් රටෙන් ගියාට පස්සේ වරෙන්තු යැව්වා වගේ..!