( කේෂර ගුණතිලක)
මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ සේවකයෙකු ඩෝසර් යන්ත්‍රයකට යටවී සිරවීමෙන් මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ සංචාරක බංගලාවේ බංගලා භාරකරු ලෙස සේවය කළ මහියංගනය ඌව තිස්සපුර පදිංචි පී.ඩී ගුණපාල (52) නැමති තිදරු පියෙකි.
හෙතෙම හුලංදාව වම ප්‍රදේශයේ පැවති වාරි සෞභාග්‍යා වැඩබිමේ ආරම්භක උත්සවයකට ගොස් සිටියදී ඩෝසර් යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරුට උදව් කරමින් සිටියදී ඩෝසර් යන්ත්‍රය එකවරම ක්‍රියාත්මකවී ඇති අතර ඔහු බිමට වැටී ඩෝසර් යන්ත්‍රයේ සිරවී ඇත.
එහිදී බරපතල තුවාල ලැබූ ඔහු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
ඩෝසර් රථයේ රියදුරු මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඩෝසර් යන්ත්‍රයක සිර වී පුද්ගලයෙක් මරුට