IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි

(ඉන්දිකා රාමනායක)

ඩුබායි හි  හෝටලයක  පැවති  උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු  පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරයට ගෙන සිටි දෙදෙනාගෙන්  මොහොමඞ්  මුෆාර්   මොහොමඞ් ජබීර්  (30)  නැමැත්තා අද   (9)  මුදා හැරිය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

 ඔහු ඊයේ (08) අත්අඩංගුවට ගෙන  තිබිණි.

මෙම පුද්ගලයා  අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය නොවීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු  මුදා හැරිය බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
 
මොහු සමග  මෙරටට පැමිණි  කොළඹ 10 මාලිගාවත්ත පෙදෙස් පදිංචි මොහොමඞ් නසීම් මොහොමඞ්  ෆසිසාර්  (37) නැමැත්තා  මාලිගාවත්තේ   වෙඩි තැබීමේ  සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට හෙළි වීම නිසා එම  සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට  පෙරේදා රාති‍්‍රයේ බාර දී තිබුණි.
 
එම සැකකරු ඊයේ පස්වරුව වනවිටත් කොළඹ අපරාධ කොට්ඨාය බාරයේ ප‍්‍රශ්න කරමින් සිටි බව පොලිසිය කියයි.



අදහස් (1)

ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි

Sugath Wednesday, 10 April 2019 04:29 AM

ස්තුතියි නිදහස් කරාට. අපි දන්නවා මේවා වෙයි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 51 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site