IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩෙංගු හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්නැයි ගම්මන්පිල කියයි

(විනීතා එම් ගමගේ)

ඩෙංගු හදිසි සෞඛ්‍ය තත්ත්වයක් හෙවත් මෙඩිකල් ඉමර්ජන්සි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කරන්නනැයි රජයෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය. 

හදිසි නොවන සැත්කම් මාසයකින් කල් දමා එකී එම රෝගීන්ගේ ඇඳන් ද ඩෙංගු රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කරන්නැයි රජයට යෝජනා කරන බවද හෙතෙම සඳහන් කළේය.

මන්තී‍්‍රවරයා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 

‘‘වැඩ බැරි ආණ්ඩුවේ නොහැකියාව නිසා මේ වන විට ඩෙංගු රෝගීන් ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන අතරේ ඩෙංගු මරණ 300 ඉක්මවා ගිහින්. ඇත්ත තත්ත්වය මීටත් වඩා භයානකයි. 

අද රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරි ගිහින් නිසා බොහෝ රෝගින් රෝහල් වලට ඇතුළු කර ගන්න විදියක් නෑ.  ඒ අය ගෙදර ඉඳන් ප‍්‍රතිකාර කර ගන්නවා. 

ඒ රෝගින් පිළිබඳ මෙම වාර්තාවට ඇතුළු වෙන්නේ නෑ.  මාස තුනකට අධික කාලයක් ගත වුණත් තවමත් ඩෙංගු අධි වසංගත තත්වය පාලනය කරන්න ආණ්ඩුවට බැරි වෙලා යැයි ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

ඩෙංගු හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්නැයි ගම්මන්පිල කියයි

Rohitha Tuesday, 25 July 2017 10:42 AM

ඩෙංගු හදිසි තත්ත්වයක් ප්‍රකාශ කලහම දැන් ඇතිද?

:       0       0

de silva berlin Tuesday, 25 July 2017 02:29 PM

ඩෙංගු හදිසි තත්වයක් බවට පත් කලොත් ඩෙංගු මදුරුවා හදිසි නීතියට බයේ විදින්නේ නැතුව ඉඳීවි කියලද හිතන්නේ ? ඩෙංගු මදුරුවා ඇති වෙන විදිහට කටයුතු කරන මිනිස්සුන්න්ට දඩුවම් දෙන්න පුළුවන් උපරිම නීති දමල තිබෙන්නේ ? සෞඛ්‍ය පරීක්ෂකවරු හැම අස්සක් මුල්ලකම ගොස් පරික්ෂ කරනවා, ඔය හදිසි තත්ත්ව ප්‍රකාශ කලොත් අවුරුදු ගණනාවකට රටට එන සංචාරකයෝ, ආයෝජකයෝ අඩු වේවි , ආර්ථිකය කබලෙන් ලිපට වැටේවි.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site