(පුෂ්පකුමාර ජයරත්න)
ඩෙංගු උණ රෝගයට ගොදුරු රෝගීන්ගෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල පිරී ඉතිරි ගොස් ඇති අතර රෝහලේ වෛද්‍යවරුන්,හෙද නිලධාරීන් ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල පිරිසකට ඩෙංගු වැළඳී ඇත.
අවිස්සාවේල්ල රෝහලේ සේවය කරමින් සිටියදී ඩෙංගු උණ වැළඳී ඇති රඹුක්කන ප්‍රදේශයේ හෙද නිලධාරිනියක(30) අද(02) මිය ගියාය.
COMMENTS
කුරුනෙගල කියන්නේ ලංකාවේ තියෙන අපිරිසිදුම නගර වලින් එකක් ඔහොම ගියා ඇති.
ඇත්තටම මෙම බෝවන රෝග පාලනය අපේ ගෙදර මදුරුවන් බෝවන තැන්වලට ඉඩ තියන්න නරකයි. හැමෝම මේ දෙය ඔලුවට අරන් කළයුතුයි. නොකරන අය දැඩි දඩ ගැසිය යුතුයි.
කෝ මේ සෞඛ්‍ය ඇමති .ඊයේ දැක්ක කතා කරපු විදිය.
ඔය ඩෙංගු රෝගය කොපමණ කාලයක ඉඳන්ද තියෙන්නේ? වකු ගඩු රෝගය ? අපේ රටේ මිනිස්සු මේ තරම මන්ද බුද්දිකද ? ඔය පාලකයන් ඔබේ ප්‍රසන විසඳන්නේ නැහැ . ඔවුන් ඔවුන්ගේ සුඛ විහරණය පමනය් බලන්නේ . ඉතින් ඩෙංගු හැදිලා මැරෙන වකු ගඩු රෝගයෙන් පීඩා විදින මිනිස්සු තාමත් මේ නායකයන් වටේ යන්නේ මොකද ? මොකක්ද නිවට කමක් ලංකාවාසීන්ට තියෙනවා . වෙලාවට මම ලංකාව දල අවේ .
මේ සටහන ලියන මම වෛද්‍යවරයෙක් නොවුනත් ඩෙංගු පැතිරීමට මූලික හේතුව වන්නේ ඩෙංගු හැදුනු කෙනෙක්ට මදුරුවෙක් කාලා ඒ මදුරුවා නිරෝගි කෙනෙක්වත් කෑවාමයි. දැන් රෝහල් වලින් විගහට ඩෙංගු උණ හැදුනු අය ගෙදර එවන නිසා මේ වසංගතය පැතිරීම ඉක්මන් වෙලා තියෙන්නේ ඒ අයගේ ඇඟේ වයිරසය තියෙද්දිම ගෙදර අයවත් ඇසුරු කරන නිසයි. කොච්චර මදුරුවන් ඉන්න තැන් විනාශ කරත් මදුරුවො කියන එවුන් බෝවෙන තැන් විශාල වතු තියෙන ප්‍රදේශ වල ඇහැට නොපෙනී තියෙන එක වලක්වන්න බැහැ. ඒ නිසා එක් හොඳ විසඳුමක් තමයි තමන්ට ඩෙංගු හැදිලා රෝහලෙන් ගෙදර එව්වට පස්සෙ සති දෙකක්වත් යනකන් මදුරුවන් හොඳින් පාලනය කරන ලද කාමරයක ඉන්න එක, මදුරු දැල් පාවිච්චි කරන එක. ඩෙංගු හැදුනු අය පලාතේ නැත්නම් ඇත්තටම කොච්චර ඩෙංගු මදුරුවො හිටියත් ඩෙංගු හැදෙන්නේ නෑ. ලංකාවේ පිට පලාත් වල ඩෙංගු පහු වෙලා පැතිරෙන්න හේතුව ඒ පලාත් වලට ඩෙංගු අරන් ගියේ කොළඹ වැඩ කරන්න ඇවිත් ඩෙංගු හැදිලා ගමේ ගිය අයගෙන්.