බිඟුන් මේනක ගමගේ
ටී.එන්.එල් විකාශනාගාරය මුද්‍රා තැබීම තරයේ හෙලා දකින්නේ යැයි ද එයින් පිළිබිඹු වන්නේ යහපාලන රජයේ මාධ්‍ය නිදහසේ තරම යැයි ද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විදුලි සංදේශ නියාමන කොමිසම හරහා ආණ්ඩුව මාධ්‍යට බලපෑම් කරන බවට චෝදනා කරන එම සංගමය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීමෙන් මින් පෙර ද එය මනාව තහවුරු කළේ යැයි ද කියයි.
ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස ඇති කිරීමට ආණ්ඩුවට සැබෑ වුවමනාවක් ඇතිනම් මෙම කොමිසම දැන්වත් දේශපාලන ග්‍රහණයෙන් නිදහස් කළ යුතු යැයි ද එමගින් අවධාරණය කර ඇත.
ජනමාධ්‍ය මුද්‍රා තබා ආණ්ඩුවට එරෙහි මත වැළැක්වීමට නොහැකි යැයි ද ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ ජනතාව දුන් පොරොන්දු ඉටු කිරීම මිස ජනමාධ්‍ය පාලනයට දේශපාලන බලය යොදාගැනීම නොවන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
මෙය නිදහස් මාද්‍ය මතයක් තිබෙන රටක නොවිය යුතු දෙයක්.බලපත්‍ර ප්‍රස්නයක් තිබුනා නම්,එය වෙනත් විසිහට විසඳා ගත යුතුව තිබුණා.මෙය මෙසේ කිරීමෙන් වගකිවයුත්තන් වෙත ජනතා පිළිකුල එල්ලවූ බව පෙනීයන කරුණක්.
වදුරට දැලිපිහිය ලැබුන වගේ
මොනවා උනත් අගමෙටි තුමා පක්සග්‍රහේ නොවීම හොදදෙයක් වරදක් වෙලා නෙත්නම් අනිවරය්න් විකාසන ඓතිය ලේබෙවී ....
නිදහස් ජනමාධයට විරුද්ධ හොරු දූෂිතයෝ හා අපරාධකාරයෝ. ඒක ඉතිහාසයේ පුරාම දක්නට ලැබෙන කාරනයක්. අවංක පාලකයෝ කවරදාවත් ජනතාව වගේම මාධය මර්ධනය කරන්න පෙලඹෙන්නේ නැහැ.
රටේ නීතියට ජනමාධ්‍ය යටත් නැද්ද ඒගොල්ල වැරදිකරන්නෙම නැද්ද.?