IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප් නිකුත් කළ සංචාරක තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට ජයග්‍රහණයක් අත්පත් කරදෙමින් මුස්ලිම් රටවල් හයක සංචාරකයන්ට පැනවූ සංචාරක තහනම සහ සියලු සරණාගතයන්ට ඇමෙරිකාවෙන් පිටවන්නැයි සඳහන් කරමින් දුන් විධායක නියෝගය නැවත ක්‍රියාත්මක කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.

කෙසේ නමුත් ට්‍රම්ප් මහතාගේ විධායක නියෝගය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී නැත.

මෙම නඩු විභාගය ඇමෙරිකා ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් අවධානය යොමු වූ අවස්ථාවක් විය. ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප් මහතාගේ විධායක නියෝගය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවසර දී නොතිබූ අතර විධායක නියෝගය ක්‍රියාත්මක කරන්නැයි ට්‍රම්ප් පරිපාලනය කර තිබූ ඉල්ලීම සලකා බලමින් මෙම අවසරය දී තිබේ. කෙසේ නමුත් තවමත් නෛතික සටන පවතියි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මාර්තු 6 වැනිදා රටවල් හයක සංචාරකයන්ට එරටට ඇතුළුවීම තහනම් කරමින් දුන් විධායක නියෝගය අත්හිටුවමින් එරට පහළ අධිකරණ රැසක් අතුරු නියෝග ලබා දුන්නේය. එම අතුරු නියෝග ලිහිල් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අවසරය දුන්න ද ට්‍රම්ප් මහතා ජනාධිපතිධුරයට පත්ව ගෙවීගිය මුල් මාස කිහිපයේදී අත්සන් තැබූ විධායක නියෝග සහ ප්‍රතිපත්තිවල නෛතිකභාවය සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් මාසයේදී විවාදයක් පැවැත්වීමට නියමිත බව වාර්තා විය.

ඉරානය, ලිබියාව, සුඩානය, සිරියාව, සෝමාලියාව සහ යේමානය යන රටවල සංචාරකයන්ට දින 90ක සංචාරක තහනමක් ද ඇමෙරිකාවේ සිටින සියලු සරණාගතයන්ට දින 120ක තහනමක් ද පනවමින් ඉකුත් මාර්තු 6 වැනිදා ට්‍රම්ප් මහතා විධායක නියෝගයකට අත්සන් තැබීය. සැලැසුම් කළ අයුරින් මෙම විධායක නියෝගය මාර්තු 16 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අතර එය වළක්වාලමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් අධිකරණ කිහිපයක් අතුරු නියෝග නිකුත් කළේය.

මෙම නියෝගය ලබා දී ඇත්තේ සඳුඳා (26) වන අතර නියෝගය දුන් මොහොතේ සිට පැය 72කින් එය ක්‍රියාත්මක වනු ඇත. එසේ නමුත් ට්‍රම්ප් මහතාගේ සංචාරකයන් සහ සරණාගතයන් සඳහා පැනවූ තහනම වලංගු වන්නේ නව වීසා අයඳුම්කරුවන්ට පමණි. දැනටමත් වීසා සහිත සහ ඇමෙරිකාවේ එක්සත් ජනපදයේ ස්ථාවර පදිංචිකරුවන්ට (හරිත කාඞ්පත් හිමියන්) අදාළ නොවේ.

රොයිටර් 055



අදහස් (0)

ට්‍රම්ප් නිකුත් කළ සංචාරක තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site