සිංගප්පූරුවේදීය (රොයිටර්)
ඓතිහාසික හමුවෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ‘විස්තීර්ණ’ ලියවිල්ලකට අත්සන් තැබූහ.
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ සහ උතුරු කොරියානු නායකයාගේ හමුව පැවැත්වුණද ඔවුන් දෙදෙනා අත්සන් තබන ලද ලියවිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් කිසිදු සවිස්තර විස්තරයක් මාධ්‍යයට ඉදිරිපත් නොවීය.
මෙම ඓතිහාසික හමුවත් සමඟ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියේද නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇති අතර ඊසාන දිග ආසියාවේ ආරක්ෂක භූ දර්ශනයට ද වෙනස්කම් ගෙනෙනු ඇත. හිටපු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති රිචඞ් නික්සන් 1972 වසරේදී බීජිං නුවරට ගමන් කිරීම පමණක් හේතු කරගෙන චීන පරිවර්තනය ආරම්භ විය.
රිචඞ් නික්සන්ගේ නිල සංචාරයත් සමඟ වසර 25කට ආසන්න කාලයක් දෙරට අතර නොතිබුණු සන්නිවේදන හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති විය.
ලියවිල්ලට අත්සන් තැබීමට පෙර එය ‘විස්තීරණ ලිපියක්’ එසෙත් නැතිනම් පුළුල් කරුණු ඇති ලියවිල්ලක් යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවැසීය.
අප දෙදෙනා අතර ඓතිහාසික හමුවක් පැවැති බව උතුරු කොරියානු නායක කිම් එම අවස්ථාවේදී කීය.
“අතීතය පැත්තකට දැමීමට අපි තීරණය කළා. ලෝකය ඉදිරියේදී විශාල වෙනස්කම් රැසක් දකිවී” යැයි ද උතුරු කොරියානු නායකයා එහිදි කීය.
න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාවලිය ඉක්මනින්ම සිදුවනු ඇතැයි සඳහන් කළ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තමන් හා උතුරු කොරියානු නායකයා අතර “විශේෂ බැඳීමක්” ඇති වූ බව ද සඳහන් කළේය. එපමණක් නොව උතුරු කොරියාව සමඟ ඇතිවන සබඳතාව තරමක වෙනස් සබඳතාවක් වනු ඇතැයි ද හෙතෙම කීය.
“මේ හමුවෙන් පසු තවත් බොහෝ බොහෝ බොහෝ දේ සිදු වේවි” ට්‍රම්ප් පැවැසීය.
(055)



2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ට්‍රම්ප් -කිම් විස්තීර්ණ ලියවිල්ලකට අත්සන් තබති
PA - RA Tuesday, 12 June 2018 08:11 AM
ඉතාම හොද විවාහයක්, නමුත් අති බයානකයි, කොයි වෙලේ පුපුරයිද? දීර්ඝ ගමනක් යාවිද ? ඔවූන් හොද උනොත් අපටත් හොදයි නිදහස් කලාපයක් වෙයි.