IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ට්‍රැක්ටරයට යට වී සිසුවෙක් මරුට


( නිශාන්ත කුමාර)


බඩ ඉරිඟු තොගයක් පටවාගෙන හේන් යායක් මැදින් ට්‍රැක්ටරයක් පදවාගෙන ආ දහඅට හැවිරිදි පාසල්  සිසුවෙකු විසි වී ගොස් ට්‍රැක්ටරයටම යටවීමෙන්  මියගොස් ඇතැයි පොලීසිය කියයි.

බදුල්ල - කන්දකැටිය මහයාය ගම්මානයේ පදිංචි වියලුව කන්දකැපුඋල්පත මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ  හදාරමින් සිටි කන්දකැටිය අංක 57 මහතැන්න බදුලුඔය පදිංචි ඩී එම් අෂාන් විරාජ් (18) නැමැති සිසුවා මෙසේ මිය ගොස් ඇත. 


බඩ ඉරිගු තොගයක්ද පටවාගෙන හේන් යායක් හරහා වැටී තිබූ පල්ලම් සහිත මාර්ගයක් ඔස්සේ ට්‍රැක්ටරය පදවාගෙන එමින් සිටියදී එහි වේගය පාලනය කර ගත නොහැකි වූ මෙම සිසුවා ට්‍රැක්ටරය මාර්ගය අසල වූ වේල්ලක හප්පවා නතර කර ඇතත් ට්‍රැක්ටරයෙන් විසිවී ගිය සිසුවා එයටම යටවී මිය ගොස් ඇත.


අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

ට්‍රැක්ටරයට යට වී සිසුවෙක් මරුට

kithsiri Thursday, 22 March 2018 11:23 AM

පුතේ ඔබේ සසර දුක් ගිණි නිවෙන්නට, අප කරනා කුසල් අනුමෝදන් වේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site