( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමන්වහන්සේ අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයෙහි මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
මෙම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම්කාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වළලියැද්ද මහතා අධිකරණයට දන්වා සිටියේ එම හිමියන් විසින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් නිකුත් කළ වරනේතුව ඉවත් කර ගැනීමට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය කටයුතු කිරීම සහ වෙනත් නඩු කිහිපයක් අදාළව ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය කටයුතු කර තිබෙන බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වා ගෙන යෑමට තම සේවාදායකයාට අවශ්‍ය නොවන බවය.
එසේම පෙත්සම මඟින් ඉල්ලා සිටින සහන මේ වන විට පෙත්සම්කාර හිමිනම ලැබී ඇති බවද වළලියැද්ද මහතා එහිදී වඩිදුරටත් කියා සිටියේය.එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නිෂ්ප‍්‍රභ කිරීමටද තීරණය කරන ලදී.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අවසන් වන තෙක් හා ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලැබෙන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හොඳ බෞද්ධයන් බවට සහතිකයක් ඒක...
ඔබවහන්සේ නඩුව ඉල්ලා අස්කරගත් එක ප්‍රස්නයක් නැත. නමුත් ඔබවන්සේගේ ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දන්වන්න කිසි විටක කිසිවෙකු විශ්වාස කර කිසිම දෙයකට තනිවම ඉදිරිපත් වන්න එපා.