( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා නොදෙන්නැයි ඉල්ලා අතුරුදන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (28) නීතිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරියගෙන් ලිඛිත ඉල්ලීමක් කළාය.
එක්නැලිගොඩ මහත්මිය අද පස්වරු එම ලිඛිත ඉල්ලීම නීතිපතිට සහ අධිකරණ අමාත්‍යවරියට ඉදිරිපත් කළාය.
ඥානසාර හිමියන් වෙත එලෙස පොදු සමාවක් ලබා දුන් හොත් උන්වහන්සේ අගතියට පත් පාර්ශව වන තමන් , මහෙස්ත්‍රාත් , රජයේ නීතිඥවරුන්ට සිදු කරන්නාවූ අසාධාරණයක් වන හෙයින් මෙලෙස උන්වහන්සේට පොදු සමාව නොදෙන්නැයි නීතිපති ගෙන් සහ අධිකරණ ඇමතිවරිය ගෙන් තමා ඉල්ලා සිටින බවද එක්නැලිගොඩ මහත්මිය කීවාය.
ඥානසාර හිමියන්ට සමාව නොදෙන්නැයි ඉල්ලා තමන් ජනාධිපතිවරයා වෙතද ලිඛිත ඉල්ලීමක් කරන බවද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.
(ඡායාරූප- ලහිරු හර්ණ)


COMMENTS
ලංකාවේ ජනාධිපතිවරයාට ඇති මෙම බලය නැති කල යුතුයි. නැත්නම් අර ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කරනවා යයි ‘වහෙන් ඔරෝ’ කියන කෙනා එම පදවියට පත් වුණොත් ඉස්සෙල්ලාම කරන්නේ හිරේ මිනීමැරුම් දඬුවම් විඳින කෙනෙක්ව නිදහස් කරන එකයි.
එන්.ජී.ඕ., ඩයස්පෝරා සල්ලිවලට කඳුළු සලන එක්නැලිගොඩ නෝනාගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මරාගෙන මැරෙන බෝම්බ, මිනීමරු සංවිධාන සමග සතුටින් එකතුවන නමුත් ඥානසාර හාමුදුරුවන්ගේ වචන කීපයකට බයවෙලා ඉන්න මේ කාන්තාව කරන්නේ බොරුවක්...
මෙයයි, මෙයාගේ මහත්තයයි රටට විනයක් වුණාට හාමුදුරුවෝ රටට වාසනාවක්... මෙයා කව්ද නිදහස දෙන්න එපා කියන්න. ඩොලර් වලින් යැපෙන ඔයලා රට පාවාදුන්නට අපිට එහෙම කරන්නත් බැහැ. අයිතියකුත් නැහැ.
ඇයි බයවෙලාද? ඇත්ත එළියට එන නිසාද? ඔහොම තමයි කුම්බලා මාලු බලලටත් වුනේ, හොඳ වැඩේ මහත්තයා වගේම N.G.O කාරයින් කියන විදිහට වැඩ කරන්න යනවට...
අසාධාරණයක් වුණානම් අබසරණයි. එහෙම නේද බමුණුආරච්චි...?
මේ ගෑනු මනුස්සයාට නම් පුදුම වෛරයක් තියෙන්නේ.. ඒ හාමුදුරුවෝ හිරේ ඉන්නේ මෙයාට කෑගහපු එකට නෙවෙයිනේ.. ඉතින් මෙයා කොහොමද නිදහස් කරනවට විරුද්ධ වෙන්නේ?
නිකරුනේ සිරගත කර සිටින රණවිරුවන් ටික නිදහස් කරලා. නිකරුනේ සිරගත කර සිටින හාමුදුරුවන් ටික නිදහස් කරලා. එන්.ජී.ඕ කාරයින්ව මට්ටු කරලා. මේ මත්කුඩු වුවදුර රටින් තුරන් කරානම් සිරිසේන මහත්තයෝ මැරෙනකල්ම ජනාධිපති වෙන්න පුළුවන් නිකන්ම...
කවුරු හරිද? කව්රු වැරදිද? කියන එක නෙවේ ප්‍රශ්නය... අසාධාරණයක් වෙලා තියෙන පාර්ශවයට සාධාරණයක් විය යුතුය. නීතියට කවුරුත් ගරු කළයුතුය.
රටේ නායකයාගේ තීරණවලට හරස් වෙන්න මෙයා කව්ද..?
අරුමයක් නාෙවෙයි. මෙයා කියන්නේ කොටි නිදහස් කරන්න කියලා. එන්.ජී.ඕ සල්ලි.. කොටින්ගේ ශක්තිය..
අනේ... කට වහගෙන ඉන්න.. බුද්ධ චීවරයට අත තියන්න එන්න එපා.
දුක, තනිකම, සෝකය, දැනෙන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා, පුතා, මල්ලී, අයියා ඇතුලු පවුලේ අය අතුරුදහන් වුණු අයට විතරයි. මෙතන පොර ටෝක් කොටන කී බෝඩ් දේශප්‍රේමීන්ට තේරෙන්නේ නෑ. තේරෙයි තමන්ටත් ඒ දේ වුනානම්...
මේ කමෙන්ට්වලින් පෙනෙන්නේ අපේ රටේ ඉන්න අයගේ බුද්ධි මට්ටමයි. 1. මේ අය තමන්ට කරදරයක් වනතුරු අනුන්ගේ ප්‍රශ්න සුළුවෙන් තකයි 2. ඥානසාර හිමි හිරේ ගියේ අධිකරණයට අපහාස කළ නිසයි... නොහොත් උසාවියේ අසංවරව හැසිරුනු නිසයි 3. ලංකාවේ මේතරම් එන්.ජී.ඕ. වලට මොකද බය සහ පොහොට්ටුවට විරුද්ධ අය ඔක්කොම එන්.ජී.ඕ වෙන්නේ කොහොමද? 4. එතකොට මේ කාන්තාවගේ ඉල්ලීමට මොකද වෙන්නේ? 5. කොටි මරපු එක හමුදා සොල්දාදුවෙක්වත් නීතිය ඉදිරියට ගෙනත් නෑ. ගෙනත් ඇත්තේ ඔක්කොම පුද්ගලිකව අපරාධ කළ අය පමණයි 6. මේ ඔක්කොම යුද්ධයේ අතුරු ආබාධ පමණයි
එතකොට රත්නේ, නීතියට, මහේස්ත්‍රාත්තුමාට, සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥ මහත්වරුන්ට අපහාස කිරීමට කිරි පොවන්න හොඳා... අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු..
තුවාලේ වේදනාව දන්නේ තුවාලය තියෙන කෙනා... කවුරු මොනවා කිව්වත් මටත් මේ දේ වුණානම් මම කරන්නෙත් මේ ටික පවුලට... කන්න බොන්න රැකවරණය දීපු මනුස්සයව කාටවත් ඕන විදියට මරන්න, අතුරුදහන් කරන්න දෙන්නේ නැහැ. අසරණ මිනිස්සු තලලා චණ්ඩි වෙන්න යන අයට මමත් විරුද්ධව නැගිටිනවා. කොහොමත් කතා කරන්න දන්නේ නැහැ..
සුදත් ශ්‍රී, බොහොම හොද විග්‍රහයක්. කව්රු කිනම් පුද්ගලයෙක් වැරදිද ඔහුට හෝ ඇයට දඩුවම් කල යුතුය. ජාති-ආගම්, පක්ෂ-පාට, දුප්පත්- පොහොසත්, ස්ත්‍රී-පුරුෂ යන ඕනෑම ජන කොට්ටාශයක් තරා තිරම නොබලා දඩුවම් කල යුතුය යන මතයේ මම ඉන්නවා. කොහොමත් තමන්ගේ වේදනාව දන්නේ තමන් විතරමයි. කිසිම කෙනෙකුට කිසිම විදිහකට එය අර්ථ නිරූපණය කල නොහැකි පැහැදිලි සත්‍යයක්. හරියට තුවාලයේ වේදනාව දන්නේ තුවාල වූ තැනැත්තා හෝ තැනැත්තිය පමණක් වගේ. වංක නොවී අවංකව අදහස් දක්වපු ඔබට තුති.
එක්නැලිගොඩගෙන් රටට ඇති පලේ කුමක්ද ?
මේ කාන්තාව තමයි අපේ හමුදාව රසායනික ආයුධ වලින් දෙමළ ත්‍රස්තවාදීන්ට පහර දුන්නා කියලා ජාත්‍යන්තරයට මතයක් ගොඩනැගුවේ ඩොලර්වලට රට, ජාතිය, අාගම පාවාදෙන මේ වගේ අයගේ ඉල්ලීම් කෙසේවෙතත් රටක්තුළ තියාගත්තු කෙනෙක් නෙවෙයි..
තව ටික දිනකින් අර මෙහෙණියට අතවර කල චීවරධාරීන් මුදාහරින්න කියලා සමහරු උද්ගෝෂණය කරන්න පටන්ගනී. එක්නැලිගොඩ නෝනා පමණි සැමියා නැතිවුන වේදනාව දන්නේ.
බොහෝ දෙනෙක් අවනීතිය අගය කරන බවකුයි පෙනෙන්නේ. තමන්ගේ සැමියාට මොකද උනේ කියල සොයමින් යන මේ කාන්තාව අගය කල යුතුයි. ඥානසාර හිමියන්ගේ උසාවියේ හැසිරීම වෙන කෙනෙක් කළා නම් මොන විදියේ දඬුවම් ලැබෙයිද?
අම්මෝ ...මේකනේ නියම " අගේ වෛරය ..."
අගතියට පත් පාර්ශවයේ විරුද්දත්වයක් නොමැති නම් පමණක් සක්කරයාටවත් සිරදඬුවමක් ලබන චුදිතයෙක් නිදහස් කිරීමට හැකියාවක් නැත . අගතියට පත් පාර්ශවයේ විනිසුරුතුමෙක් ඇතුළුව තිදෙනෙක් සිටිනවා .. ඔහුව නිදහස් කරන්න කියා ඉල්ලා සිටින පුද්ගලයෝ එම තුන්දෙනාගෙන් එක් අයෙකුගේන්වත් විමසා සිටියාද ඔවුන් ඊට විරුද්ධද නැතිද කියා ?
අගතියට පත් වුනානම් ඒ විසුරුවන් නොවෙයි අධිකරණයයි. වරදකරු වුනේ විනිසුරුවන් 3 දෙනාට අපහාස කරලා නොවෙයි අධිකරණයට අපහාස කරලා. ජනාධිපතිට සමාව දීමේ අයිතිය තිබෙනවා එම නිසා එම අයිතිය ක්‍රීයාත්මක කරන්න. 75% බෞද්ධයෝ සාධුකාරදී අනුමත කරාවි.
කොටියාටත් සමාව දුන්න අපේ හාමුදුරුවනේ
හිමිතැනයි දැන් ඉන්නේ..
ලංකාවේ ජනාධිපතිවරයාට ඇති මෙම බලය නැති කල යුතුයි. නැත්නම් අර ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කරනවා යයි ‘වහෙන් ඔරෝ’ කියන කෙනා එම පදවියට පත් වුණොත් ඉස්සෙල්ලාම කරන්නේ හිරේ මිනීමැරුම් දඬුවම් විඳින කෙනෙක්ව නිදහස් කරන එකයි.