(හසිත රංග ගුණතිලක)
බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පතට සාධාරණයක් ඉටු නොවුණහොත් උන්වහන්සේට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කරන බව සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියෝ පැවසූහ.
මෙරට සියලුම ජනතාව සිතන ආකාරයට ඥානසාර හිමියන් සිරගතව සිටිය යුතු නැති බවද ජනාධිපති පොදු සමාව කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට අනිවාර්යයෙන් ම නිදහස ලබා දිය යුතු යැයි ද සුදන්ත හිමියෝ පැවසූහ.
සැබෑ බෞද්ධ නායකයෙකු ලෙස ජනාධිපතිවරයා ඥානසාර හිමියන්ගේ අගය දන්නා බවද උන්වහන්සේගෙන් මෙරටට ඉටු විය යුතු තවත් බොහෝ සේවාවන් රැසක් ඇති බවද සුදන්ත හිමියෝ සඳහන් කළහ.
බන්ධනාගාරය තුළ ඥානසාර හිමියන් ශක්ති සම්පන්නව වැඩ සිටිනවා යැයිද මාගල්කන්දේ සුදන්ත හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහමේ තියෙන සමානාත්මතාව අද බොහෝ දෙනා තුළින් ගම්‍යමාන වන්නේ නැහැ. අධිකරණයට අන් අය අපහාස කළා කියා නඩු දැමු සමහර අය එසේ කොට සිරගතවූ තමන්ගේ අය බේරා ගැනීමට නීතියට පිටින් දේශපාලන පිහිට ලැබීමට උත්සාහ කිරීම යුක්ති සහගත නැහැ නේද ? හාමුදුරුවන් නිදහස් වෙනවාට අප කැමතියි. අප කීවේ ඇතැමුන්ගේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය ගැනයි.
බුද්ධ ධර්මයට නින්දා කරපු... කෙනෙකුට කිසිම සමාවක් නොලැබේවා..!!!