IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘ඥානසාර හිමිගේ හැසිරීම අනුමත නොකළත් මතවාද වැදගත්‘

(ජේ ඒ එල් ජයසිංහ)

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ ආවේගකාරී හැසිරීම් රාටව හා අදහස් ප්‍රකාශන ශෛලිය අනුමත නොකරන නමුත් ඒ හිමියන්ගේ මතවාද බැහැර නොකරන බව අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව කියයි.
 
ජාතිවාදී හැඟීම් අවුස්සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරණ උත්සාහයට  අප්‍රසාදය පළ කරන බවත්, මෙනිසා ඉදිරියේ දී රට තුළ යම් නොසන්සුන්කාරී පසුබිමක් නිර්මාණය  වුවහොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය බාර ගත යුතු බවත් අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව පවසයි.
 
එම සංඝ සභාවේ සම්මතයෙන් සකස් කළ නිවේදනය ප්‍රකාශයට පත් කරමින් වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානාහිමියෝ මේ බව සඳහන් කළහ.
 
ජාතික සංහිඳියාවට මුවාවී සිදු කරනු ලබන රක්ෂිත හා ඒ ආශ්‍රිත ඉඩම් මංකොල්ලය, උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ කිරීම වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු බව අවධාරණය කරන මහා නා හිමියෝ මේ සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම තවදුරටත් සිදුවිය යුතු බව ද කියති.
 
සිංහල ජාතිය වඳ කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිබඳව පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මඟින් විවිධ වාර්තාවන් පල කරන අතර ඒවායෙහි සත්‍ය අසත්‍යතාව සොයා බලා නිසි පියවර ගැනීම රජයේ සුවිශේෂී වගකීමක් බව අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව පවසයි.



අදහස් (12)

‘ඥානසාර හිමිගේ හැසිරීම අනුමත නොකළත් මතවාද වැදගත්‘

nandana kumara Tuesday, 20 June 2017 02:30 PM

හාමුදුරුවන්ගේ හැසිරීම අපිත් අනුමත නොකෙරුවත් සිංහලය වෙනුමෙන් කතා කරනවට අපේ නමස කාරය උතුරේ ජාති වාදී නායකයන්ට කෝ නිතිය

:       0       1

sena Tuesday, 20 June 2017 03:21 PM

ඉතා වැදගත් ප්‍රකාශයක් සමහර ජන මාද්‍ය මේ හාමුදුරුවන්ගේ හැසිරීම් විලාසය ඉපදුනු කුල ගෝත්‍රය ආදී කරුණු එකතුකරගෙන එතුමාගේ මතවාදය යටපත් කරන්න ගන්න උත්සාහ දැක්කාම විසාල කනගාටුවක් ඇතිවෙනවා.

:       0       1

hewawitharana newyork Tuesday, 20 June 2017 08:09 PM

ඉන්දුනීසියාව බන්ගලිදෙසය වෙච්ච දේ තව ටික කලකින් අපිටත් වෙනවා අපේ දේසපාලන ඇම්බට්ටයන්ට මේවා තේරෙන්නේ නැද්ද

:       0       1

hewawitharan,a ne'w york Tuesday, 20 June 2017 08:17 PM

ඉන්දුනීසියාව බනගල්දෙසය ට වෙච්ච දේ මොලේ තියෙන එවුන්ට වැටහීමක් නැද්ද අස්ගිරි සඟ සබාව කෙලින්ම උත්තර දුන්න නම් මොකද

:       0       0

sanju Tuesday, 20 June 2017 10:47 PM

මහා නාහිමියෝ මේ ගැන හොයලා බලලා මේවා කරනවා නම් ඥානසාර හාමුදුරුවන්ට කෑ ගහන්න ඕනේ නැහැ.

:       0       1

Daham Tuesday, 20 June 2017 11:41 PM

"ඥානසාර හිමිගේ හැසිරීම අනුමත නොකළත් ජාතිවාදී මතවාද වැදගත්". අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාවේ මෙම ප්‍රකාශය බෞද්ධයකු ලෙස ඉතා අගේ කරමි.

:       0       1

ලුම්බිණි Wednesday, 21 June 2017 04:00 AM

බුදුන් වහන්සේගේ කාලයේ පවා භික්ෂුන්ගේ විනය ගැන කටයුතු කරපු එකේ... අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව මෙම හාමුදුරුවන්ගේ විනය ගැන හොයා බලන්නේ නැත්තේ මොකද?

:       1       0

රජින්ද Wednesday, 21 June 2017 05:20 AM

යාන්තන් නින්දෙන් අවදිවීම ගැන සතුටුයි..

:       0       0

sanjeewa Wednesday, 21 June 2017 05:45 AM

බොහොම හොඳයි ඒ ප්‍රකාශය... අපේ බලවත් සතුට !!

:       0       1

manoj bandara Wednesday, 21 June 2017 06:05 AM

ශ්‍රී ලංකාවේ කවදද සත්‍ය කියන්නේ? මේ හිමියන් කියන්නේ සම්පුර්ණ සත්‍යයක්....ලංකාවේ මොනවද වෙන්නේ කියලා මේ ලංකාවේ ඉන්න අය දන්නේ නෑ. ඉතින් කොහොමද රට හදන්නේ?

:       0       1

Asanka Wednesday, 21 June 2017 06:13 AM

සිංහල ජාතිය වඳ කිරීම, උතුරු - නැගෙනහිර පුරාවස්තු විනාශ කිරීම වගේ දේවල්නේ වෙන්නේ... කොහේද පහුගිය කාලේ හිටියේ අප්පච්චිනේ... නේද?

:       0       0

C.K.Lankaputhra Wednesday, 21 June 2017 09:19 AM

නැවතත් විශාල ලේ විලක් ඇති කිරීමෙන් වළකා බිම වැටී සිටින නායකයා කෙළින් සිටිය යුතු බව පවසන මේ හාමුදුරුවන්ගේ අදහස හරි වැදගත්....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1171 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1173 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site