IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඥානසාරහිමිට එරෙහි අපහාස චෝදනා පෙත්සමට අදාල ලිඛිත දේශන ගොනු කරන්න අවසර

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) 

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි අධිකරණ අපහාස චෝදනා පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන ගොනු කරන්නැයි අභියාචනාධිකරණය එහි පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයට අද (11) නියෝග කළේය.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන හෙට (13) හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන්නැයිද එහිදී නියෝග කෙරිණි. එම පෙත්සම අභියාචනාධිකරණයේදී අද (11) විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදී.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර  යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථාකර කලහකාරී ලෙස හැසීරීමෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත් දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝමාගම මහේස්ත්‍රාත්වරයාට ලැබී ඇති බලතල අනුව මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමුකර තිබිණි.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව නීතිපතිවරයා විසින් කරුණු සලකා බලා 2016 ජනවාරි 25 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති නඩුවකදී අධිකරණයේ ගෞරවයට අභියෝග කිරීම අංක බී 74.7.10 දරණ නඩුවේ සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට කිසිදු අවසරයකින් තොරව ඉල්ලීම සහ එම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට අපහාසාත්මක කතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා හතරක් නීතිපතිවරයා ඉදිරිපත් කළේය.

අධිකරණයේ ආධිපත්‍යයට , ගරුත්වයට අභියෝග කිරීමෙන් , අගෞරව කිරීමෙන් , අවමන් කිරීමෙන් , යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලය අනර්ථකාරී ලෙස හැසිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව 105 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කිරීම ඇතුළු චෝදනා 4 ක් එහි සඳහන් වේ.
මෙම චෝදනා පත්‍රය සහ එය ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් චූදිත වගඋත්තරකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා මීට පෙර ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම පැමිණිල්ල පවත්වා ගෙන යාමේ හැකියාවක් නොමැති බවය.

එම විරෝධතාවයට එරෙහිව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට අපහාසාත්මක කතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පවතින බවය.

කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය චූදිත වගඋත්තරකාර ඥානසාර හිමියන් මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් එම චෝදනා පත්‍රය කියවා දීමෙන් අනතුරුව ඥානසාර හිමියන්ට බාරදෙන ලදී.

විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ටිරන්ත වළලියැද්ද මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා පෙනී සිටියේය.



අදහස් (0)

ඥානසාරහිමිට එරෙහි අපහාස චෝදනා පෙත්සමට අදාල ලිඛිත දේශන ගොනු කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site