IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජෙහාන් පීරීස් එවරස්ට් මුදුනට

( තිළිණි ද සිල්වා )
 
එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් සාර්ථක ලෙස එවරස්ට් කන්ද තරණය කිරීමට ජොහාන් පීරිස් අද (22) සමත්  වී ඇත.
 
එවරස්ට් කඳු මුඳුන තරණය කිරීමේ දෙවන උත්සාහය සාර්ථක කරමින් ලාංකික ජොහාන් පීරිස් නේපාල වේලාවෙන් අද (22) උදෑසන 5.55ට එවරස්ට් තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වූ බව  ඔහුට සුබ පැතුම් එක් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් ද තබා ඇත.

මීට වසර දෙකකට පමණ ඉහතදී සම්පූර්ණ කරගත නොහැකි වූ එවරස්ට් කඳු තරණය සම්පූර්ණ කිරීමේ අරමුණින් ජොහාන් පීරිස් සිය ගමන ආරම්භ කර තිබිණි. ජයන්ති කුරුඋතුම්පල  සමඟ 2016 වසරේ අප්‍රේල් මාසයේදී එවරස්ට් කඳු මුදුන පෙනෙන තෙක්මානය දක්වා ගමන්කළ ජොහාන්ට මීටර් 448 ක් පහළින් සිය ගමන නතර කිරීමට  සිදු වි ඇත.

ඒ කඳු  මුදුනට ළඟා  වීමට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැති වීම හේතුවෙනි.

මුහුදු මට්මමේ සිට මීටර් 8,848 ක් උසින් පිහිටි එවරස්ට් කඳු මුදුනට සාර්ථකව ළඟා වෙමින් එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමට ජයන්ති කුරුඋතුම්පල සමත් විය.

අන්තර් ජාතික කඳුනැගීමේ මගපෙන්වන්නන් විසින් නායකත්වය සපයනු ලබන කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ජොහාන් මෙවර එවරස්ට් තරණයට එක්ව තිබිණි.

මීට පෙර 2012 වසරේදී නේපාලයේ ‘අයිලන් පීක්’ කන්ද තරණය කිරීම සඳහා සහභාගි වූ පස්දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමේ සාමාජිකයෙක් මෙන්ම සාර්ථකව කන්ද තරණය කළ දෙදෙනාගෙන් අයෙක් වීමට ජෙහාන් සමත් විය.


 



අදහස් (6)

ජෙහාන් පීරීස් එවරස්ට් මුදුනට

kalani Tuesday, 22 May 2018 04:50 AM

අපේ ආචාරය..

:       0       29

Chamara Tuesday, 22 May 2018 05:06 AM

තද පොර සුපිරි බ්‍රෝ... බුදු සරණයි!!!

:       0       30

Gamini Abeykoon Tuesday, 22 May 2018 05:46 AM

මගේ උණුසුම් සුභ පැතුම්!!!

:       0       5

maaraya Tuesday, 22 May 2018 06:08 AM

කෝ කොඩිය

:       1       8

L.Jayantha Tuesday, 22 May 2018 06:42 AM

අපේ උපහාරය , සුරක්ෂිතව නැවත මව් බිමට පැමිණෙන්න දේව ආශීර්වාදය ලැබේවා!!!!!!!!!!!!!

:       0       5

sira Tuesday, 22 May 2018 08:50 AM

සිංහ කොඩිය තිබ්බා නම් හොඳයි..............සුභ පැතුම්!!!!!!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site