IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජල ව්‍යාපෘතියට ගෙනා කෝටියක සම්පත් කැළේ

(ජයරත්න වික්‍රමආරච්චි)

පුත්තලම කරුවලගස්වැව නීලබැම්ම ගොවි ජනපදයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සදහා ඉකුත් රජය සමයේ ආරම්භ කෙරුණු නීලබැම්ම ජල ව්‍යාපෘතියට ආරම්භ කර වසර කීපයක් ගතවී ඇතත් එහි ඉදිකිරීම් අවසන් කිරීමට බලධාරීන් පියවර නොගැනීම නිසා තමන් පීඩාවට පත්වී සිටින බව එහි ප්‍රතිලාබීහු පවසති.

එපමණක් නොව ජල ව්‍යාපෘතියයේ රුපියල් කොටියක් පමණ වටිනා සම්පත් විනාශ වී යමින් තිබෙන බව ද  ඔවුහු ප්‍රකාශ කරති.

ගොවි මහතෙකු පරිත්‍යාග කළ ඉඩම් කොටසක මෙහි ජල මූලාශ්‍රය හා පොම්පාගාරය ඉදිකර ඇත.

ඊට මීටර් 200ක් පමණ දුරින් අඩක් නිමකළ ජල කුළුණ දැකිය හැකි අතර ඒ අතර ප්‍රදේශයේ ජල නළ තොගයක් ගොඩ ගසා ඇත.
මේ සියලු ස්ථාන කැළෑවැදී ඇති අතර ගසා ඇති ජල නල තොගයක් හිරු එළියට නිරාවරණය වී තිබීම නිසා ඒවායේ ප්‍රමිතියද වෙනස් වී ඇති බවත් මේ පිළිබදව මෙතෙක් කළ දැනුම්දීම් ‘ගගට කැපූ ඉනි‘ බවට පත් වූ බවත් ඔවූහු පවසති.

මෙහි පානය  සදහා සුදුසු ජල සම්පාදනයක් නැත.මෙම ජල ව්‍යාපෘතිය මෙසේ විනාශ වී යන්නට ඉඩ නොදී ගැටලු ඇත්නම් ඒවා නිරාකරණය කර කඩිනමින් එහි ඉදිකිරීම් කටයුතු අවසන් කර විවෘත කර දෙන්නැයිද ප්‍රදේශවාසීහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.



අදහස් (1)

ජල ව්‍යාපෘතියට ගෙනා කෝටියක සම්පත් කැළේ

vipula Monday, 05 June 2017 05:09 AM

අයියෝ රටකට ගිය කලක්... !!!

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 759 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site