(නිමන්ති රණසිංහ)
රජයේ මුදල් ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදහසක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු වොෂින්ටන් තානාපති ජාලිය චිත‍්‍රාන් වික‍්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කරමින් කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය තෙවැනි වරටත් විවෘත වරෙන්තු නිකුත් කළාය.
මෙම සැකකරු වෙනුවෙන් අධිකරණයට ඇප තැන්පත් කළ සැකකරුගේ බිරිඳ සහ සහෝදරියක ද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන්ට ද තෙවැනි වරටත් වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය තීරණය කළේය.
ඒ අනුව ජාලිය චිත‍්‍රාන් වික‍්‍රමසූරිය මහතාගේ බිරිඳ වූ එච්. ඒ. පියංගනී සහ ඔහුගේ සහෝදරියක වූ දීපිකා කුමුදිණී යන අයවලූන්ට එලෙස වරෙන්තු නිකුත් විය.
COMMENTS
ඔය වර්රේන්තු ගැන කියවනවිට මට හිනා යනවා. අමෙරිකාවෙනම් පළමුව ඇප රාජසන්තක වෙනවා. මේ වගේ අයට රටයන්න දෙන්නේ මොනවිදියේ උසාවියක්ද? මෙහෙ ඔය වගේ වැඩවලට කියන්නේ අස්වයා පැනලගියට පස්සේ ගේට්ටුව වහනවකියලා.