IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජයවර්ධනපුර මහා නගර සභාවට එරෙහි පෙත්සමක්

තිළිණි  ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ  
 
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව සඳහා මන්ත්‍රීව ධුර බෙදී ගිය ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

 
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එම මහා නගර සභාව සඳහා තේරී පත්වූ සියළු මන්ත්‍රීකවරුන් ඇතුළු 50 දෙනෙකු නම් කර ඇත.
 
පෙත්සම්කාර ජනක රණවක මහතා පෙන්වා දෙන්නේ පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කෝට්ටේ මහා නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද 22,000 වෙනුවෙන් එම පක්ෂයට මන්ත්‍රී ධුර 18 ක් ලැබී ඇති බවය.
 
එහෙත් එම මහා නගර සභා සඳහා තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ඡන්ද 26,000 ක් ලබාගෙන තිබුණද එම පක්ෂ දෙක සඳහාම වෙන් කර ඇත්තේ මන්ත්‍රී ධුර 17 ක් පමණක් බව පෙත්සම්කරු  පැවසීය.
 
ඡන්ද 22,000 ලබා ගත් පක්ෂයට මන්ත්‍රී  ධුර 18 ක් ලැබෙද්දි ඡන්ද 26,000 ක් ලබා ගත් පක්ෂ දෙකකට මන්ත්‍රී ධුර 17 ක් හිමි වීම ගැටලු සහගත බව පෙන්වා දෙන ජනක රණවක මහතා මේ හේතුවෙන් මන්ත්‍රී සංයුතිය බෙදී යාම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
එසේම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තුරු කෝට්ටේ මහා නගර සභාව සඳහා නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා පත්වීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ශ්ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.



අදහස් (0)

ජයවර්ධනපුර මහා නගර සභාවට එරෙහි පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site