(ඩයනා උදයංගනී)
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු මෙන්ම නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රීවරයකු ද වන ජයන්ත විජේසේකර මහතා අද (1) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්විය.
විජේසේකර මහතා ජනාධිපති කාර්යාලයට පැමිණ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී පක්‍ෂ සාමාජිකත්වය ලබාගත්තේය.
ජනාධිපතිවරයා විසින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් සංවිධායකවරයකු ලෙස ද පත්කරනු ලැබ තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාතලේ දිස්ත‍්‍රික් නායකයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා පත්කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ විදිහට වැඩ වෙනවා. ජනාධිපතිතුමාට ජයවේවා !!!
අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මේක නම්...
හරි,... තේරුම් ගැනීම් ගැන අපේ සුබ පැතුම්..!!!
කොහොමටත් එල්ලි, එල්ලි ඉල්ලනවට වැඩිය හොඳයි, ඇතුළටම ගිහින් ඉල්ලන එක නේද?
මෛත්‍රිපාල පිරිසිදු ශ්‍රී ලංකා එකක් හදලා පැරදුනත් නම්බු බව මතක තියාගන්න. ඒකයි 62 ලක්ෂයේ පැතුම. ලක්ෂමන් වසන්ත පෙරේරා ගැන කවර කතාද? හොරුන්ට, මිනීමරුවන්ට දඬුවම් නොදී ඔහොම ගියොත් ඔබතුමා අඩි 6කට යට බව නැවතත් මතක් කරමි. ඒ වගේම මල්වට්ට් අරගෙන පන්සල් වල කොත් විවෘත කලා කියලා මෙ සංඝරත්නයේ සහය ඔබතුමාට නැති බවත් මතක තබාගන්න. හරිදේ කරන්න. සංඝ විරෝධය එතකොට නැතිවේවි. අපේ සංඝ සමාජයේ හැසිරීම වගකීම් විරහිත බව නැවතත් සිහිපත් කරන අතර සංඝ සමාජය සම්බන්ධයෙන් හුදු ජනයාට සතුටක් නැති බවත් සංඝ සමාජය සිහිකල යුතුය. ඇත්තේ මාධ්‍ය විසින් උසිගැන්වීම නිසා තමන් මෝහනයට පත්වීම පමණි. පසුපස හැරී යනවිට ජනතාව කියන කතා මොවුන් දන්නේ නැති අතර දැන ගැනීමට අවශ්‍ය නැති කොටසකි අපේ සංඝ සමාජය....
මේ ගිය සුමානේ වොල්වෝ රථයක් ගත්තා නේද?
සංඝ සමාජය සම්බන්ධයෙන් හුදු ජනයාට සතුටක් නැති බවත් සංඝ සමාජය සිහිකල යුතුය. ඒ අතරම විපතේදී සිවුර කරට අරන් පාරට වඳින සංඝ සමාජය නැතිනම් අද බුද්ධ ශාසනයත්, සිංහලයාත් නැතිබව සිංහල සමාජය සිහිකල යුතුය. අපි ඉතිහාසය කියවන්නේ කුඩා දරුවන් නින්දට යවන්න නොවේ. සිටිය රාජ්‍ය නායකයින් සහ සිටින රාජ්‍ය නායකයින් මෙරටට මොනවද කලේ? ඒවායේ ප්‍රතිඵල අපට බලපෑවේ කොහොමද යනාදිය ඉගෙනගෙන අනාගතය සකසා ගැනීමටය. එහෙම නම් 2005 ආණ්ඩු පෙරළියක් නොවුනා නම් සිංහලයාගේ පැවැත්ම ගැන සිතා බලන්න. 1956 දී බණ්ඩාරනායක මහතා විශාල පෙරලියක් කලේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය නිසායි. ඊයේ, පෙරේදා මෙලොව එළිය දුටු අය හුදු ජනයාට සමාජය සම්බන්ධයෙන් කියා දෙන්නේ මොනවා දැනගෙනද කියා සිතේ. හම්බයින්ට කත් අදින චීවරධාරිනුත් නැත්තේද නොවේ.
අපේ සංඝ සමාජය රාජසිංහ ඇහැලේපොලගේ දරුවන් කොටවන කොට මොකද කලේ? උඩරට නිලමෙලා පුරන්අප්පුගේ සටන පාවාදෙන කොට මොකද කලේ? ඒ ගොල්ලන් වාසිදායක රජාට පිරිතනූල් බැන්දා. අදත් එහෙමයි සිවුර කරට අරගෙන ප්‍රශ්න විසඳන්න තිබුණා. දුප්පත් පවුල් ගලවගන්න කෝ වැඩ පිළිවෙලක් බෝකොටු නිමබනොවන විහාර කර්මාන්ත කරනවා විනා...
ජාතික නිදහස් පෙරමුණේ නායකයා කවුද? මේක වාමාංශික පක්ෂයක්ද? නොදන්නා නිසයි අහන්නේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් පිළිතුරක් දෙන්න. ගොඩක් ස්තුතියි. !!!
සඟ රුවන සිහිකටයුතු දේ බුදුන් ගිය මග ගමන් කල යුතු බව සහ මුළු සමාජයම සුවපත් කලයුතු බව.