ජේම්ස් බොන්ඩ් සිනමා පට මාලාව ඔස්සේ ජනප්‍රියත්වය පත්වූ රංගන ශිල්පී ශ්‍රීමත් රොජර් මූර් පිළිකා රෝගය හේතුවෙන් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 1973 සහ 1985 අතර කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 7කට එක්වූ ඔහු මිය යන විට 89 වැනි වියේ පසුවිය.
ලෝකයේ ගෞරවයට පාත්‍රවූ ඔහුගේ චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන් සහ යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් ඔහු කළ විචිත්‍ර වැඩසටහන් තුළින් මූර් හඳුනාගත් සැම වෙනුවෙන් සිය ආදරය සහ ගෞරවය පිරිනමන බව ඔහුගේ දරුවන් වන දෙබොරා, ජෙෆ්රි හා ක්‍රිස්ටියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
ඔහුගේ අවසන් කැමැත්ත අනුව පවුලේ අයගේ සහභාගිත්වයෙන් පෞද්ගලික අවමංගල උත්සවයක් මොනාකෝ හි දී පැවැත්වේ.
COMMENTS
අපේ කාලයේ වීරයෙක්
අපේ කාලයේ වීරයෙක්
රොජර් මුවෙර් තමයි බොන්ඩ් ෆිල්ම්ස් වල නොම්බර එකේ ජේම්ස් බොන්ඩ් එක හරියට අපේ එච් ආර් ජෝතිපාල ගායකයා වගේ. සිංහල ෆිල්ම්ස්වල ජෝතිපාලට චැලේන්ජ් කරන්න කවුරුත් හිටියෙත් නැහැ දැනුත් නැහැ,
ඔබට නිවන් සැප ලැබේවා...
දක්ෂ, කඩවසම් නළුවෙක්, නිවන් සැප ලැබේවා.....!!!
ජේමිස් අයියේ ඔබට නිවන් සුව..!
දෙනෝදාහක් ප්‍රේක්ෂකයන් සැනසු ඔබට නිවන් සුව. මෙවන් අවාසනාවන්ත රෝගයකට සසර වසනාතුරු පත් නොවේවා!!
ඔබගේ චිත්‍රපට නැරඹීමට අපි කොතෙක්නම් ස්කූල් කට් කරලා ඇත්ද?