IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ජපානයේ බස් රියදුරෝ වෙනස්ම විරෝධයක


 
ජපානයේ ඔකයාමා නගරයේ බස් රථ රියදුරෝ වෙනස්ම ආකාරයක විරෝධතාවයක නිරත වී සිටිති. කර්මාන්තයේ අර්බුදයක් මුල් කරගනිමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරත වී සිටිති.
 
විරෝධතාවයේ නිරත වුවත් ඔවුන් සේවයේ නිරත වෙති. එසේ නමුත් ඔවුන් රැකියාවේ ප්‍රධාන කොටසක් වන මගීන්ගෙන් මුදල් ගැනීම ඉටු නොකරති. අනෙකුත් බස් රථ සමාගම් හා සැලකිල්ලට ගැනීමේ දී දැඩි තරගයක් ඇති වී තිබෙන බවත් එම නිසා තමන්ගේ රැකියා සුරක්ෂිත කරන ලෙසත් ඔකයාමා නගරයේ බස් රථ රියදුරෝ ඉල්ලා සිටිති. 
 
ඔකයාමා නගරයේ බස් රථ රියදුරන්ගේ මෙම වෙනස්ම ආකාරයේ විරෝධතාව ඇතැම් පිරිස්වල ප්‍රශ්න කිරීමට ද ලක්ව තිබේ. අයිතිකරුවන්ට ආදායම් ලැබීම නවතා දමමින් මේ ආකාරයෙන් විරෝධතාවයේ නිරත වීම සුදුසු නැතැයි එම පිරිස් පවසති.
 
එසේ වුවත් තවත් බොහෝ පිරිසක් සහ ජපානයේ පුවත් වෙබ් අඩවි විරෝධතාවයට සහාය දක්වමින් අදහස් පළ කර තිබේ. මගීන්ගෙන් මුදල් අය නොකළද රියදුරන් ඔවුන්ගේ සේවය ඉටු කරන බවත් තරගකාරීත්වය තුළ වුවද බස් රථ සමාගම් සහ මගීන් අතර තිබෙන සබඳතාව ආරක්ෂා කිරීමට රියදුරන් කටයුතු කර තිබෙන බව විරෝධතාවයට සහාය දක්වන පිරිස් පෙන්වා දෙති. 
 
බී.බී.සී ඇසුරිනි

055
 
ඡායාරූප ‘ද ජැපෑන් ටයිම්ස්’ 



අදහස් (10)

ජපානයේ බස් රියදුරෝ වෙනස්ම විරෝධයක

shan saudi Monday, 07 May 2018 07:14 AM

මෙන්න නියම වර්ජන මෙකෙදී රජයට අනිවාර්යෙන්ම තීරණයක් ගන්න වෙනවා මේකට ජනතාව උපරීම සහයෝගය දෙනවා මොකද තමන්ට බාදාවක් නැති නිසා අනෙක මුදලුත් ඉතිරීනේ අරගල වලට ජනතාවගේ සහය ලබාගෙන කිරීමේදී ප්‍රතිපල ඉක්මන් වෙනවා මොකද සේවකයෝ රැකියාවේ නිරතවෙනවා ඔඋන්ට දඩුවම් කරන්න බැහැ නමුත් රජයට අදායමක් නැහැ ඒක බලා ඉන්නත් බැහැ මේක ආදර්ශයට ගන්න කියලා මම හිතනවා ලංකාවෙත් සේවකයෝ.

:       0       98

නුමාMonday, 07 May 2018 08:31 AM

ජපානයේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන 99% දෙනා පෙරගෙවුම් කාඩ්පත් භාවිතා කරනවා (සුයිකා/පසුමො වැනි). එනිසා රජයට එන ආදායම නම් වෙනස් වන්නේ නැහැ. අදාල බස් ආයතනයට නම් ආදායම අඩු වනවා ඇති. ආයතනයක් ලෙස සේවකයින්ගේ ප්‍රශ්නය විසඳීමට සිදුවනු ඇත. ජපානයේ නම් අද නොගෙවූ මිල හෙට ගෙවන්නට කීවද සියලුදෙනා එසේ කරනු ඇත. ජපානයේ බස් සේවාවන් පෞද්ගලික වුවත්, නියමිත සේවය, නියම වේලාවට සපයන බැවින් සැබැවින්ම ජනතාවට සේවයකි.

:       13       15

shan saudi Monday, 07 May 2018 11:58 AM

මේ නුමා මහතා මට කියන්න පුලුවන්ද ඔය කියන විදිහේ පෙරගෙවුම් කාඩ් අරන් ජනතාව පොදු ප්‍රවාහන සේවය භාවිතා කරනවා නම් කොන්දොස්තරලා මුදල් අය නොකරනවා කියන කතාව මොකක්ද කියල මොකද ඔබ ඉන්නවා ඇත්තේ ජපානේ වෙන්න ඇතිනේ මොකද 1% මුදල් නුදුන්නට කිසිම අවුලක් නැහැනේ අපේ රටේ 15% විතර යන්නෙම හොරෙන්නේ

:       0       1

LashanMonday, 07 May 2018 08:31 AM

ජපානයේ අය සිංහල නොවන නිසා අති සාර්ථකයි... හැම දේකින්ම.

:       113       1

shan saudi Monday, 07 May 2018 10:54 AM

මම නම් ඉන්නේ ජපානේ නොවේ. කොහොම නමුත් විරෝධතාව මැද බස් ධාවනයේ දී මුදල් නොගැනීම නිසා රජයට මෙන්ම කොන්දොස්තර හා රියදුරුට මාටියා පාර නොලැබීම නිසා මෙය කිසිවිටක ලංකාවේ ක්‍රියාත්මක නොකරනු ඇත. ලෝකේ එකම රට ලංකාවයි.

:       0       3

AsankaMonday, 07 May 2018 11:41 AM

ඔබට ඩිස්ලයික් දැමීමෙන්ම ඔබේ අදහස නිවැරදි බව මමත් කියනවා , මොකද හරි දේ කියපු කෙනාට ඩිස්ලයික් දාන එක බුද්ධිමතුන්ගේ නව ප්‍රවනතාවයක්.

:       0       3

Banda Monday, 07 May 2018 07:37 AM

අපේ බස් ගැමුණු මේකට මොකද දන්නේ නැහැ කියන්නේ?

:       0       129

kalani withanage Monday, 07 May 2018 08:17 AM

මේ ආදර්ශය අපේ රටේ ඉක්මණින්ම ක්‍රියාත්මක කරන්න ඉඩ තියෙනවා. පාලකයින්ගේ අවධානය දිනාගන්න.

:       0       50

රවින් Monday, 07 May 2018 08:24 AM

ජපානය දියුණුවන්න ප්‍රධානම හේතු සාධකය තමයි වැඩ කරන සේවකයින්ගේ සිතුවිලි. දැනට අවුරුදු ගණනාවක සිට ජපන් සේවක විරෝධතාවය යනු නිෂ්පාදනය වැඩිකිරීමයි. පරිපාලනය අපහසුතාවයට පත්කරන්න ලේසිම ක්‍රමය තමයි නිෂ්පාදනය වැඩිකිරීම. නිමි නිෂ්පාදන ගබඩා කරන්න, නව වෙළෙඳපොල හොයන්න, අයවැය/පිරිවැය සමතුලනය කරන්න ආදී විශාල ගැටළු ප්‍රමාණයකට කළමනාකරණය මුහුණ දෙන්න වෙනවා. ඉක්මණින්ම සේවක ප්‍රශ්න විසඳනවා. නැතිනම් කළමනාකරණයට ඉක්මනින්ම ගෙදර යන්න වෙනවා. කවදාවත් සේවකයින්ට දොස් පවරන්න බැහැ. අපේ රටෙත් එ් වගේද?

:       0       9

නුමා Tuesday, 08 May 2018 07:59 AM

ශාන් මහත්මයා මගේ අදහස සම්පූර්ණයෙන් කියවා නැති හැඩයි. මා පැවසුවේ රජයට පාඩුවක් නොවනබව මිසක, බස් ධාවනය කරවන ආයතනයට පාඩුවක් නොවන බව නොවෙයි. සෞදියට මා පැමිණ නැතිමුත්, ජපානයේ කොන්දොස්තර චරිතයක් බස් රථ සඳහා නොමැත. මුදල් ගෙවීම සඳහා යන්ත්‍රයක් පමණක් ඇත. විශේෂ දුර ගමන් නොවන්නේ නම් (ලිපියේ දක්වා ඇති පරිදි) ඔබේ ගමනාන්තය කුමක් වුවද සියළු දෙන එකම නිශ්චිත මුදලක් ගෙවිය යුතුය (සාමාන්‍යයෙන් යෙන් 210 පමණ). පෙරගෙවුම් කාඩ්පත් සඳහා මුදල් ගෙවීමේදී රජයේ බදු අයකෙරෙන අතර, බස් රියදුරන් අදාල යන්ත්‍ර ක්‍රියාවිරහිතව තැබීමෙන් බස් ආයතනයට නම් මුදල් නොලැබී යනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 352 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site