IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජපානයට ප්‍රබල භූමිකම්පාවක්


 
 
ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී)
 
ජපානයේ ඔසාකා වෙත බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් කුඩා දැරියක සහ තවත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රජය සඳහන් කරයි.
 
ඔසාකා හි දෙවැනි නගරයට බලපෑ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.3 ලෙස සටහන් වී තිබේ. 
 
භූමි කම්පාවෙන් වැඩිහිටි පුද්ගලයකු සහ නව හැවිරිදි දැරියක මියගොස් ඇතැයි ද තවත් පුද්ගලයකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී නමුත් එය තහවුරු කළ නොහැකි යැයි ද ජපාන රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු වන යොෂ්හිහයිඩි සුගා පැවැසීය. 
 
“දැනට අපට දෙදෙනකු මියගිය බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම 20කට ආසන්න පිරිසක් තුවාල ලබා  තිබෙනවා. ඒ වගේම තවත් පුද්ගලයකු මියගිය බවට තොරතුරු කිහිපයක් ලැබී තියෙනවා. එහෙත් එම තොරතුරු තහවුරු කරන්න බැහැ” යැයි හෙතෙම වාර්තාකරුවන් හමු වේ කීය.
 
ජීවිතක්ෂයට පත්ව ඇති දැරිය ඔසාකා නගරයේ සිට උතුරට වන්නට පිහිටි තකත්සුකි නගරයේ පාසලක දැරියකි. භූමිකම්පාව හේතුවෙන් පාසලේ ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති අතර එම සුන්බුන්වල හිරවීමෙන් දැරිය මියගොස් තිබේ. 
 
මියගිය අනෙක් පුද්ගලයා 80 හැවිරිදි පසුවූවකු වන අතර තාප්පයක් ඔහු මතට කඩා වැටීමෙන් හෙතෙම ජීවිතක්ෂයට පත්වී ඇත.
 
බලපෑ මෙම භූමිකම්පාව ප්‍රබල භූමිකම්පාවක් ලෙස හැඳින්වුවද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමක් සිදු නොවූ අතර දැඩි හානි සිදුව නැතැයි ද වාර්තා විය. කෙසේ නමුත් ජපාන වේලාවෙන් උදෑසන, කාර්යබහුල වේලාවක ඇති වූ මෙම භූමිකම්පාව නිසා බොහෝ දෙනා අපහසුතාවට පත්වූහ. 
 
බොහෝ පිරිසකට කිසිදු තැනකට යා ගත නොහැකිව අතරමග හිරවී සිටි බව ද ජපන් පුවත් සේවා වාර්තා කර තිබිණි. භූමිකම්පාව හේතුවෙන් විදුලිබලය ඇණහිට ඇති අතර ඒ හේතුවෙන් දහස් ගණනකට උදෑසන රාජකාරී කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ද වාර්තා විය.
 
“අපි එක්ව වැඩ කරනවා. මිනිසුන්ගේ ජීවිත බේරාගන්න අපි ප්‍රමුඛත්වය දෙනවා” යැයි භූමිකම්පාවෙන් පසු ප්‍රකාශයක් කරමින් ජපාන අගමැති ෂින්සෝ අබේ පැවැසීය. 
 
055



අදහස් (1)

ජපානයට ප්‍රබල භූමිකම්පාවක්

de silva berlin Monday, 18 June 2018 08:59 AM

න්‍යෂ්ටික බෝම්බ , භුමි කම්පා , සුනාමි යන මොන විපත ආවත් අළු දුවිලි පිසදමා නැගී සිට නිතරම ඉදිරියට යන , අවංක , හොර බොරු නැති උත්සහවන්ත ජාතියක්

:       0       72

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site